අලුත් අවුරුද්දෙන් පස්සේ දවසම වෙන්න යන දේ - අප්‍රේල් 15 ගැන රටටම විශේෂ දැනුම්දීමක්
මේ දිනවල පවතින කාලගුණ තත්ත්වය සමඟ ජනතාවට සැලකිලිමත්ව සිටින ලෙස විවිධ දැනුම්දීම් සිදු කරයි. ඒ අනුව එසේ සැලකිල්ලෙන් සිටිය යුතු දවසක් ලෙස අප්‍රේල් 15 පෙන්වා දෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අප්‍රේල් 15 වැනිදා දක්වා සූර්යයා ශ්‍රී ලංකාවට ඍජුවම ඉහළින් පවතින බවයි.
එසේම ඊයේ දහවල් 12:13ට බේරුවල, ගුරුළුබැද්ද, රක්වාන, ගොඩකවෙල, උඩවලව සහ තණමල්විල යන ප්‍රදේශවලට හිරු මුදුන් වූ බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණා.
තවද මැයි මාසය හෝ ජුනි මාසය වනවිට සුපුරුදු වර්ෂාපතනය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවට පුරෝකථනය කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු පවසා ඇත්තේ,
"නිරිතදිග මෝසමේදී දැනට තියෙනවාට වඩා වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන්න පුළුවන්… ඒ කියන්නේ 30%ට වඩා අඩුවෙන්න පුළුවන්.හැබැයි මැයි කියන්නේ එල්නිනෝ එකේ ආරම්භයක් පමණයි. මැයි මාසේ සහ ජූනි මාසය වෙනකොට සුපුරුදු වර්ෂාව එයි කියන විශ්වාසය තියෙනවා" යනුවෙන්.
එසේම අද (07) දින දහවල් 12:13 ට දෙහිවල, මහරගම, පන්නිපිටිය, පාදුක්ක, ඇහැළියගොඩ, මස්කෙළිය, සියඹලාණ්ඩුව සහ පොතුවිල් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බව සඳහන්.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර පළාත්වල සහ මොණරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල අද(07) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවයි.
ඊට අමතරව ඊයේ(06) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.2ක් වශයෙන් හම්බන්තොට කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වේ.