හෙට පැය 12ක් මේ ප්‍රදේශවලට වතුර නෑ - විශේෂ දැනුම්දීමක්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජල පරිභෝජනය ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, හෙට (07) හෝමාගම කලාප අංක 02 ප්‍රදේශයට අයත් ස්ථාන රැසකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බව පවසයි.
ඒ අනුව හෙට පෙරවරු 08:00 සිට පස්වරු 08:00 දක්වා පැය 12ක කාලයක් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම ජල කප්පාදුව හේතුවෙන් හෝමාගම නගරය, වෑකන්ද, පින්කෙත පාර, වලව්ව පාර, ගැමුණු මාවත, අතුරුගිරිය පාර, ගලවිල වත්ත, නියඳගල, මාගම්මන, මහකටුවාන, දෙනිය සහ දියගම විශ්වවිද්‍යාලය යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ලබයි.
පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ ජල මූලාශ්‍ර පිරිමසා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර, ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.