අනේ මොන අම්මටද මෙහෙම දෙයක් දරා ගන්නපුළුවන්..ඔක්කොම නිදි අතරේ පුංචි බිලිඳාට සිදුව ඇති අහස පොළොව නුහුලන අපරාධය....
හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
රෝහල් කාර්ය මණ්ඩලය විසින් නොසැලකිලිමත් අයුරින් ලබා දුන් මව් කිරි හේතුවෙන් බිළිඳා මිය ගිය බවයි, බිළිඳාගේ දෙමාපියන් චෝදනා කරනුයේ.
යුගාන් උදයංග නමැති දින දොළහක් වයසති බිළිදෙක් මෙලෙස මිය ගොස් තිබෙනවා.
පසුගිය 27 දා කාසල් කාන්තා රෝහලේ දී උපත ලැබූ පිරිමි බිළිදෙකු උපත අඩුබර උපතක් නිසා වැඩිදුර ප්‍රතිකාර සදහා එදිනම හෝමාගම මූලික රෝහලට මාරු කර තිබිණි.
පසුව එහි දින දොළහක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 08 දා අලුයම දරුවාට කිරි දීම සඳහා මව බිළිඳා ළඟට ගිය අවස්ථාවේදී බිළිදා කිරි වමනය කොට ඇග සීතලව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම පිළිබඳව සැක සිතී ඒ පිළිබඳව දැනුවත් කිරීමට වාට්ටුවේ සේවය කළ කාර්ය මණ්ඩලය සොයා තිබේ.
එහෙත් කිසිවකුත් සොයාගැනීමට නොහැකි වී ඇති අතර අනතුරුව තවදුරටත් සොයා බැලීමේදී රෝහල් කාර්ය මණ්ඩලයේ සියළු දෙනා නිදා සිටින අයුරු දැක ඔවුන්ට දැනුම් දී තිබේ පසුව බිලිඳා වෛද්‍යවරයාට යොමු කිරීමේදී පවසා ඇත්තේ කිරි පෙනහළුවලට ගොස් සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
ඒ අනුව ඊයේ (09) දින බිලිඳාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී සිදු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ මව් කිරි බිළිදාගේ පෙනහළුවල සිරවීමෙන් බිළිඳා මියගොස් ඇති බවය.
දෙමාපියන් මෙහෙිදී චෝදනා කරමින් පැවසුවේ මෙවැනි සිදුවීමක් තවදුරටත් සිදු නොවීමට බලධාරීන් වගකිය යුතු බවත් මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකොට තමන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙසය.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධව බිළිඳාගේ මා පියන් හෝමාගම මූලස්ථාන පොලීසියටද පැමිණිලි කර තිබේ.
……………………………………………………………………………
You may like this video 👇