පාසල සෞභාග්‍යවත් කරන්න කියලා සිසුවෙක්ට ගුරුවරු කරලා තියන අපරාධය..

Report

චාරිත්‍රයක කොටසක් ලෙස, පාසල් නේවාසිකාගාරයක රැඳී සිටි වයස අවුරුදු 11ක සිසුවෙක් ඝාතනය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

හැමෝම පුදුම කරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට හදිසියේම අවේ කවුද බලන්නකෝ.. (VIDEO/PHOTOS)

හැමෝම පුදුම කරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට හදිසියේම අවේ කවුද බලන්නකෝ.. (VIDEO/PHOTOS)

හත්‍රාස් පොලිස් බල ප්‍රදේශයට අයත් රස්ගවාන් ප්‍රදේශයේ නේවාසික පාසලක මෙම සිදුවීම සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එම පාසලේ සාර්ථකත්වය සහ කීර්තිය ළඟාකර ගැනීමේ අරමුණින් මෙම ඝාතනය තාන්ත්‍රික චාරිත්‍රයක කොටසක් ලෙස සැලසුම් කර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

නාසා විද්‍යාඥයින් පවා කලබල වුණු අගහරු වල සීබ්‍රාවකු වගේ පෙනුන දේ..(VIDEO/PHOTOS)

නාසා විද්‍යාඥයින් පවා කලබල වුණු අගහරු වල සීබ්‍රාවකු වගේ පෙනුන දේ..(VIDEO/PHOTOS)

මෙම නේවාසික පාසලේ නීතිවිරෝධී ලෙස 08 වන ශ්‍රේණිය දක්වා පංති පවත්වාගෙන ගොස් තිබූ අතර, එහි පංති පවත්වාගෙන යාමට අවසර ලැබී ඇත්තේ 05 වන ශ්‍රේණිය දක්වා පමණයි. මෙම ඝාතන සිද්ධියත් සමඟ පාසල වසා දැමීමට බලධාරීන් කටයුතු කර ඇති අතර, සිද්ධියට පාසලේ හිමිකරු ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ දවස් වල කතා වෙන මොකක්ද මේ බ්‍රාහ්මණ නෙලුම ..

මේ දවස් වල කතා වෙන මොකක්ද මේ බ්‍රාහ්මණ නෙලුම ..

මෙම පිරිමි ළමයා ගුරුවරුන් දෙදෙනෙකු සහ පාසලේ හිමිකරු විසින් නේවාසිකාගාරයකින් පැහැරගෙන ගොස් ඉන්දියාවේ හත්රාස් හි බිහිසුණු “තාන්ත්‍රික චාරිත්‍රයකින්” ගෙල සිර කර මරා දමා ඇති බව හින්දු පුවත්පත වාර්තා කරයි.

කට්ටියක් ගෝල්ෆේස් එකට වාහන ගෙනත් දාන කොට..4000කට වුණා දෙයක් නෑ..

කට්ටියක් ගෝල්ෆේස් එකට වාහන ගෙනත් දාන කොට..4000කට වුණා දෙයක් නෑ..

ඒ අනුව පොලිසිය සඳහන් කළේ සැප්තැම්බර් 23 වැනිදා පාසලේ නේවාසිකාගාරයේ දී මෙම දරුවා ඝාතනය කර ඇති බවයි. මියගිය ක්‍රිතාර්ත් නමැති සිසුවා දිල්ලි නුවර පෞද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවකු වන ක්‍රිෂාන් කුෂ්වාගේ පුත්‍රයෙකු වන අතර ඔහු පවසන්නේ තම පුතාගේ ගෙළ සිරකර අමානුෂික ලෙස ඝාතනය කර ඇති බවයි.