මේ ප්‍රදේශවල ජනතාවට අතිවිශේෂ නිවේදනයක් - සැප්තැම්බර් 10 පෙර ක්‍රියාත්මක කරන්න නියෝග

Report

බම්බලපිටියේ සිට දෙහිවල දක්වා වෙරළාසන්න ප්‍රදේශයේ දේශපාලනඥයින් සහ රජයේ ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ව්‍යාජ ලේඛන සකස් කරමින් අත්තනෝමතික ලෙස ඉදිකර ඇති සියලුම අනවසර ගොඩනැගිලි සහ ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මෙම මෙහෙයුමේ මුල් අදියර යටතේ බම්බලපිටිය මැරීන් ඩ්‍රයිව් ඇතුළු ප්‍රදේශ රැසක පිහිටි පුද්ගලයින් 8 දෙනෙකුට අයත් අනවසර ඉදිකිරීම් 19ක් කඩා ඉවත් කිරීම සඳහා මේ වන විටත් නිල නියෝග නිකුත් කර ඇත.

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය පී.බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති අදාළ නිවේදනවල දැක්වෙන්නේ, එළඹෙන සැප්තැම්බර් 10 වනදාට පෙර මෙම අනවසර ඉදිකිරීම් සහ ඒවායේ ඇති සියලුම භාණ්ඩ හිමිකරුවන් විසින්ම ඉවත් කරගත යුතු බවයි.

උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයක් - අද දවල් 12:08 ට වෙන්න යන දේ මෙන්න

උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයක් - අද දවල් 12:08 ට වෙන්න යන දේ මෙන්න

එම නියමිත දිනට පෙර අදාළ ගොඩනැගිලි ඉවත් කර ගැනීමට අපොහොසත් වුවහොත්, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව දෙපාර්තමේන්තුව මඟින් එම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට කටයුතු කරන බවත්, එහිදී සිදුවන කිසිදු අලාභහානියක් සම්බන්ධයෙන් රජය වගනොකියන බවත් අදාළ හිමිකරුවන්ට දැඩි ලෙස අවධාරණය කර තිබේ.

පළමු අදියර යටතේ අනවසර ඉදිකිරීම් 19කට අදාළ නියෝග නිකුත් කර තිබුණද, දෙවන අදියර යටතේ කඩා ඉවත් කිරීමට නියමිත ඊළඟ අනවසර ගොඩනැගිලි පරිශ්‍ර සඳහා වන නියෝග ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ. 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව වෙරළ කලාපය තුළ යම් ඉදිකිරීමක් සිදුකිරීමට පෙර විධිමත් රාජ්‍ය බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වේ.

මේ වගාවට දැමූ තහනම ඉවතට.. රජයෙන් ගන්න යන නවතම තීරණය මෙන්න

මේ වගාවට දැමූ තහනම ඉවතට.. රජයෙන් ගන්න යන නවතම තීරණය මෙන්න

එලෙස නිසි බලපත්‍රයකින් තොරව සිදුකර ඇති ඕනෑම ඉදිකිරීමක් අධිකරණ නියෝගයකින් පවා තොරව කඩා ඉවත් කිරීමේ නීතිමය බලතල අදාළ පනතේ 31 (4) වගන්තිය ප්‍රකාරව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සතුව පවතී.