හැරී පොටර් රසිකයන්ට තවත් ආරංචියක්- දෙවැනි වාරයේ ටොම් රිඩ්ල් සහ ජිනී වීස්ලි මෙන්න

By Kanchana Sep 05, 2026 09:25 AM GMT
Report

HBO විසින් ඉදිරියේදී විකාශය කිරීමට නියමිත “හැරී පොටර්” රූපවාහිනී කතා මාලාවේ දෙවැනි වාරය සඳහා නව නළු නිළියන් කිහිපදෙනෙකු නම් කර තිබේ.

ඒ අනුව ඩොබීගේ චරිතය සඳහා ලෙනී රෂ්, ජිනී වීස්ලිගේ චරිතය සඳහා බොනී හිල් සහ ටොම් රිඩ්ල්ගේ චරිතය සඳහා බිලී බැරට් තෝරාගෙන ඇත.

පළමු වාරයේ ජිනී වීස්ලි ලෙස රඟපෑ ග්‍රේසි කොක්රේන් “අනපේක්ෂිත තත්ත්වයන්” හේතුවෙන් එම චරිතයෙන් ඉවත් වීමෙන් පසු, ඇය වෙනුවට බොනී හිල් එම චරිතයට එක්වී තිබේ. “හැරී පොටර්” කතා මාලාවේ පළමු වාරයේ රූගත කිරීම් මේ වනවිට අවසන් වී ඇති අතර, එය දෙසැම්බර් 25 වැනිදා HBO ඔස්සේ විකාශය කිරීමට නියමිතය.

දෙවැනි වාරය J.K. රෝලිංගේ කතා මාලාවේ දෙවැනි කෘතිය වන “Harry Potter and the Chamber of Secrets” පාදක කරගෙන නිර්මාණය කෙරේ.

දෙවැනි වාරය සඳහා පූර්ව නිෂ්පාදන කටයුතු මේ වනවිට ලන්ඩනයෙන් පිටත පිහිටි ලීව්ස්ඩන් චිත්‍රාගාරයේදී සිදුකෙරෙමින් පවතී. ප්‍රධාන චරිත නිරූපණය කරන නළු නිළියන් අතර හැරී පොටර් ලෙස ඩොමිනික් මැක්ලෝලින්, හර්මියොන් ග්‍රේන්ජර් ලෙස අරාබෙලා ස්ටැන්ටන් සහ රොන් වීස්ලි ලෙස ඇලස්ටෙයාර් ස්ටවුට් ඇතුළත් වේ.

මීට අමතරව, ඇල්බස් ඩම්බල්ඩෝර් ලෙස ජෝන් ලිත්ගෝ, මිනර්වා මැක්ගොනගල් ලෙස ජැනට් මැක්ටීර්, සෙවරස් ස්නේප් ලෙස පාපා එසීඩු, රුබියස් හැග්‍රිඩ් ලෙස නිකොලස් ෆ්‍රොස්ට්, නෙවිල් ලෝන්ග්බොටම් ලෙස රෝරි විල්මට් සහ ඩ්‍රැකෝ මැල්ෆෝයි ලෙස ලොක්ස් ප්‍රැට් ඇතුළු නළු නිළියන් රැසක් කතා මාලාවට එක්ව සිටිති.

මලයාලම් සිනමාවේ ජනප්‍රිය තාරකාව ''මමිතා බයිජුගේ'' කෝටි ගණනක වත්කම් හෙළිවේ

මලයාලම් සිනමාවේ ජනප්‍රිය තාරකාව ''මමිතා බයිජුගේ'' කෝටි ගණනක වත්කම් හෙළිවේ

J.K. රෝලිංගේ කෘති පාදක කරගනිමින් නිර්මාණය වන මෙම කතා මාලාව ෆ්‍රැන්චෙස්කා ගාඩිනර් විසින් රචනා කර විධායක නිෂ්පාදනය කරයි. මාර්ක් මයිලොඩ් ද මාලාවේ කථාංග කිහිපයක් අධ්‍යක්ෂණය කරමින් විධායක නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කරයි.

කතා මාලාව HBO වෙනුවෙන් Brontë Film and TV සහ Warner Bros. Television සමඟ එක්ව නිෂ්පාදනය කෙරෙන අතර, J.K. රෝලිං, නීල් බ්ලෙයාර්, රූත් කෙන්ලි-ලෙට්ස් සහ ඩේවිඩ් හේමන් ඇතුළු පිරිසක් විධායක නිෂ්පාදකවරුන් ලෙස කටයුතු කරති.