නාමල්ව හිරේ දැමීම අනිද්දට ජාත්‍යන්තරයට අරන් යන්න සැරසෙයි - රටේම පක්ෂ රත් කරපු පළිගැනීම ගැන කියන්න ජිනීවා මානව හිමිකම් කොමිසමට

Report

ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින්, ඒකාධිපති පාලනයක් කරා ගමන් කිරීමට රජය දරන උත්සාහය සහ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ලබන සතියේදී ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත නිල ලෙස පැමිණිලි කරන බව 'බහුජන බලය' සංවිධානයේ මිලින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මෙතෙක් ආරක්ෂා කරගෙන ආ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාපිත ආයතන පද්ධතිය වත්මන් රජය විසින් ක්‍රමානුකූලව විනාශ කරමින් තිබෙන බවයි.

එසේම මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන අතර, එහි මීළඟ පියවර වශයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසුවා.

මා හට බිය වීමට කිසිවක් නැත.. දේශපාලන බලය තාවකාලිකයි - රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු නාමල්ගෙන් විශේෂ ෆේස්බුක් සටහනක්

මා හට බිය වීමට කිසිවක් නැත.. දේශපාලන බලය තාවකාලිකයි - රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු නාමල්ගෙන් විශේෂ ෆේස්බුක් සටහනක්

එළඹෙන සඳුදා ආරම්භ වන ජිනීවා මානව හිමිකම් කොමිසමේ මීළඟ සැසිවාරයට සමගාමීව, අඟහරුවාදා දිනයේදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී ඇති බව මිලින්ද රාජපක්ෂ මහතා දන්වා ඇත.

එහිදී ප්‍රධාන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර ඒකාධිපති බලයක් ගොඩනැගීමට දරන උත්සාහය, අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන බලපෑම්, ජනතා විරෝධී වශයෙන් ව්‍යවස්ථාව වෙනස් කිරීමට දරන උත්සාහයන්, විපක්ෂය ඉලක්ක කරගනිමින් සිදුකරන දේශපාලන පළිගැනීම් ආදී කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන බව මිලින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

එසේම එහිදී ඔහු අවධාරණය කළේ එයාර් බස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම දේශපාලන පළිගැනීමක ප්‍රතිඵලයක් බවයි.

ඊ‍යෙ ලංකාවම උණුසුම් කරමින් නාමල් ඇතුළට ගිය හේතුව ඉරාජ් ප්‍රසිද්ධියෙම කි‍යයි - කතාව නිසා බුකියේ පැත්තකුත් ඇවිලෙයි

ඊ‍යෙ ලංකාවම උණුසුම් කරමින් නාමල් ඇතුළට ගිය හේතුව ඉරාජ් ප්‍රසිද්ධියෙම කි‍යයි - කතාව නිසා බුකියේ පැත්තකුත් ඇවිලෙයි

තවද රජය විසින් විපක්ෂයේ දේශපාලන නායකයන් මර්දනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, නාමල් රාජපක්ෂ මහතාට පමණක් නොව සජිත් ප්‍රේමදාස සහ දිලිත් ජයවීර යන මහත්වරුන්ට ද මෙවැනිම අසාධාරණ බලපෑම් එල්ල වන බවත් ඔහු සඳහන් කළා.

ඊට අමතරව වත්මන් රජය විසින් දූෂණ විරෝධී පනතට ගෙන ඒමට උත්සාහ කරන සංශෝධන පිළිබඳව ද ඔහු දැඩි විවේචනයක් එල්ල කර ඇත.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ රජයේ ඇමතිවරුන් සහ නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳ තොරතුරු දැනගැනීමට ජනතාවට තිබූ අයිතිය මෙම සංශෝධන හරහා අහුරා ඇති බවත්, එය දූෂණයට මග පාදන ක්‍රියාවක් බවත් ය.

එසේම ස්ටාලින්ගේ පාලන සමයේ හෝ උතුරු කොරියාවේ පවතින ආකාරයේ ඒකාධිපති නීති පද්ධතියක් ලංකාව තුළ ස්ථාපිත කිරීමට රජය උත්සාහ කරන බවත්, ඊට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු දෙනා වෙනුවෙන් ජිනීවාහිදී හඬ නගන බවත් මිලින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.  

උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයක් - අද දවල් 12:08 ට වෙන්න යන දේ මෙන්න

උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයක් - අද දවල් 12:08 ට වෙන්න යන දේ මෙන්න

ඌරු වකුගඩුවෙන් දින 271ක පණ ලැබූ ඇමෙරිකානුවා - වෛද්‍ය ලෝකයේ අලුත් පෙරළිය

ඌරු වකුගඩුවෙන් දින 271ක පණ ලැබූ ඇමෙරිකානුවා - වෛද්‍ය ලෝකයේ අලුත් පෙරළිය