මේ වගාවට දැමූ තහනම ඉවතට.. රජයෙන් ගන්න යන නවතම තීරණය මෙන්න
කටුපොල් වගා තහනම ඉවත් කිරීමට අදාළ නිර්ණායක සකස් කරන ලෙස කැබිනට් මණ්ඩලය මඟින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට උපදෙස් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව පරිසර පද්ධතියට සිදුවන බලපෑම් සැලකිල්ලට ගනිමින් මධ්‍යම පරිසර අධිකාරියේ විද්වත් මණ්ඩල වාර්තාවක් මත පදනම්ව ඉකුත් 2021 වසරේදී කටුපොල් වගාව මෙරට තහනම් කිරීමට පියවර ගෙන තිබුණා.
එහෙත් වැවිලි සමාගම් විසින් මෙම වගාව ව්‍යාප්ත කිරීමට රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කර තිබෙන අතර, ඒ පිළිබඳව සොයා බැලීමට වැවිලි අමාත්‍යාංශය විසින් පත්කළ විද්වත් මණ්ඩලය නිර්දේශ කර ඇත්තේ මෙරට කටුපොල් වගාව හෙක්ටයාර 20,000ක් දක්වා ව්‍යාප්ත කිරීමට අවස්ථාව ලබාදිය හැකි බවයි.
ඒ අනුව දැනට රටේ හෙක්ටයාර 9,500ක පමණ ප්‍රමාණයක කටුපොල් වගා කර තිබෙන අතර, වගා තහනම පැනවීමෙන් අනතුරුව වැවිලි සමාගම් විසින් අධිකරණයේ නඩු කිහිපයක් ද ගොනු කර ඇත.
අඳාළ නඩු කටයුතු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අමාත්‍යාංශය මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් පතා ඇති බව සඳහන්.
ඒ පිළිබඳව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ අදාළ නඩු කටයුතු සහ තාක්ෂණික කරුණු කිහිපයක් නිරාකරණය කරගැනීමෙන් අනතුරුව හෙක්ටයාර 20,000ක් දක්වා කටුපොල් වගා කිරීමට අවසර ලබාදීමට සැලසුම් කර ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ආහාර අවශ්‍යතාව සඳහා තෙල් ආනයනය කිරීමට වැයවන විදේශ විනිමය ඉතිරි කරගැනීම ද මෙම තීරණයට එක් හේතුවක් වී ඇති බව සඳහන්. එමෙන්ම දත්ත වාර්තාවලට අනුව, ඉකුත් 2025 වසරේදී පමණක් මෙරටට පාම් තෙල් මෙට්‍රික් ටොන් 38,210ක් සහ පොල්තෙල් මෙට්‍රික් ටොන් 33,696ක් ආනයනය කර තිබෙනවා.