ගුවන් යානයක් කඩා වැටී තිදෙනෙක් මරුට 11ට තුවාල - සියලුම ගුවන් ගමනුත් අත්හිටුවයි
අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩාවැටී ගිනිගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 11 දෙනෙකු පමණ තුවාල ලබන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ United Parcel Service මෙහෙයවනු ලබන McDonnell Douglas MD11F නැමැති භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බව සඳහන්.
එසේම එම ගුවන් යානය ගුවන්ගත වීමේදී මෙම අනතුරට පත්වී ඇත.
කෙසේ වෙතත් මෙම අනතුර හේතුවෙන් එම ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට ද පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.