පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය ලබන 21 වැනිදා..රිසි අසුනක මන්ත්‍රීවරුන්ට අසුන් ගත හැකියි..

Report

10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය එළඹෙන 21 වැනිදා පෙරවරු 10ට පැවැත්වීමට නියමිත බව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව සැප්තැම්බර් මස 24 වැනිදා මධ්‍යම රාත්‍රියෙහි සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුවයි

දිස්ත්‍රික්ක අනුව සමස්ත මනාප ප්‍රතිඵල..(UPDATE)

දිස්ත්‍රික්ක අනුව සමස්ත මනාප ප්‍රතිඵල..(UPDATE)

එදින පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම් පැවරෙන්නේ, පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙතයි.

පළමු සභා වාරයේදී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමක් සිදුවන්නේ නැහැ. ඒ අනුව රිසි අසුනක මන්ත්‍රීවරුන්ට අසුන් ගත හැකි ය.

සභාවේ කටයුතු ආරම්භ වන්නේ, සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි.

අදත් සවස් කාලයේ ප්‍රවේසමෙන්..බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි..

අදත් සවස් කාලයේ ප්‍රවේසමෙන්..බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි..

පළමුව නව කතානායකවරයා තෝරා පත් කර ගැනීම සිදුවෙයි.

පළමුව කතානායකවරයා දිවුරුම් දීම පාර්ලිමේන්තු සම්ප්‍රදායකි.

මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදුවන්නේ, ඉන් අනතුරුවයි.

නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ‍තෝරා පත්කර ගැනෙන්නේ, පාර්ලිමේන්තු ඡන්දයෙන් ය.