අදත් සවස් කාලයේ ප්‍රවේසමෙන්..බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි..

By Piyumika Nov 16, 2024 01:24 AM GMT
Report

අද (16) දින‍ෙයේ සවස් කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙවර පාර්ලිමේන්තුවේ බහුතර බලය මලිමාවට..

මෙවර පාර්ලිමේන්තුවේ බහුතර බලය මලිමාවට..

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව.2:00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75ක පමණ තරමක තද වැසි ඇති වෙයි.

මේ දේවල් සපුරා තහනම්..කලොත් ඉතින් ඉවරයි .. පොලිස් නිලධාරින් සිරුවෙන්..

මේ දේවල් සපුරා තහනම්..කලොත් ඉතින් ඉවරයි .. පොලිස් නිලධාරින් සිරුවෙන්..

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බවට අනතුරු අඟවයි.