'මත්ද්‍රව්‍ය ගත් බස් රියදුරන් ඇල්ලූ Clean Sri Lanka බස් මෙහෙයුමේ නියමුවා හදිසියේම පුටුවට සමුදෙයි

Report

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබුණද, ගාමිණී ජාසිංහ මහතා තවදුරටත් සිය ධුරයේ රාජකාරි කටයුතුවල නිරත වන බවයි.

ඔහුගේ ඉල්ලා අස්වීමට බලපෑ නිශ්චිත හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැත.

සමුපකාර ව්‍යාපාරයේ බරපතළ වංචා සහ දූෂණ රැසක් ඇමති වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී හෙළි කරයි.

සමුපකාර ව්‍යාපාරයේ බරපතළ වංචා සහ දූෂණ රැසක් ඇමති වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී හෙළි කරයි.

2024 වසරේ අගභාගයේදී නව රජය බලයට පත්වීමෙන් අනතුරුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගාමිණී ජාසිංහ මහතා එම තනතුරට පත් කරනු ලැබීය.

සිය ධුර කාලය තුළ බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරමින් රාජකාරියේ නිරත වීම වැළැක්වීම සඳහා හදිසි පරීක්ෂා කිරීම් සිදු කිරීමටත්, Clean Sri Lanka වැඩසටහන යටතේ බස් රථවල විනය හා ප්‍රමිතිය ඉහළ නැංවීමටත් ඔහු පියවර ගෙන තිබුණි.

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්