තැපැල් මලු ලක්ෂ 17ක් නෙවේ ඊට වැඩි වුණත් වර්ජනේ අතෑරලා කිසි කතාවක් නෑ, තැපෑලත් දැඩි වෙයි

Report

 තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර වර්ජනය අත්හැර කිසිදු සාකච්ඡාවකට තැපැල් වෘත්තීය සමිති සූදානම් නැති බව ප්‍රකාශ කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අඛණ්ඩව ක්‍රියාත්මක වන තැපැල් වර්ජනය පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමින්.

මාලිමාවට හික් ගෑවෙන්න රාජ්‍ය සේවකයන්ගේ ඇඟිල්ලෙයි ආණ්ඩුවෙයි තියෙන පැටිකිරිය දිගාරියි

මාලිමාවට හික් ගෑවෙන්න රාජ්‍ය සේවකයන්ගේ ඇඟිල්ලෙයි ආණ්ඩුවෙයි තියෙන පැටිකිරිය දිගාරියි

එහිදී මෙතෙක් විෂය භාර අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදී නොමැති බව සඳහන් කළ චින්තක බණ්ඩාර මහතා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත්හැර සාකච්ඡාවකට පැමිණෙන ලෙස තැපැල්පතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා ඉල්ලීමක් සිදුකර තිබෙන බව පැවසුවා.

එහෙත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හැර කිසිඳු සාකච්ඡාවක් සිදුකිරීමට තැපැල් වෘත්තීය සමිති සූදානම් නැති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියා.

එමෙන්ම දැනටමත් ලක්ෂ 17කට ආසන්න තැපැල් මලු ප්‍රමාණයක් තැපැල් ස්ථාන ආශ්‍රිතව ගොඩගැසී ඇති බවද ඔහු සඳහන් කළා.

වැඩවර්ජනයෙන් නිරත තැපැල් සේවකයන්ට වැඩ වරදියි. තැපැල්පතිගෙන් රතු එළියක්

වැඩවර්ජනයෙන් නිරත තැපැල් සේවකයන්ට වැඩ වරදියි. තැපැල්පතිගෙන් රතු එළියක්

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ