දෙවියනේ හාල් අරනුත් ඉවරයි - නියම කතාවක් එළියට
ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු සහල් බෙදා හැරීමේ නීති විරෝධී ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයෙන්, පරිභෝජනයට නොසුදුසු සහල් බෙදා හැරීමේ නීතිවිරෝධී ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම සභාපති ප්‍රදීප් බොරලැස්ස සඳහන් කරන ආකාරයට, ලැබුණු තොරතුරක් මත මෙම විමර්ශන මෙහෙයුම ආරම්භ කර ඇති අතර මෙහිදී, දූෂිත සහල් කිලෝග්‍රෑම් 1,000 ක් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙවැනි වංචනික ක්‍රියාකාරකම් හඳුනා ගැනීම සඳහා රට පුරා පරීක්ෂණ සහ නිරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරෙන බවද සභාපතිවරයා පවසයි.
මෙවැනි ඕනෑම තොරතුරක්, තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ පැය 24 ක් ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් අංකය 1926 හරහා වාර්තා කිරීමට මහජනතාවගෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටී.