කඩා වැටුණු දුම්රිය උමගක් තුළ සිරවී සිටි විදේශීය ශ්රමිකයින් තිදෙනෙකුජිවිතක්ෂයට පත් වූ බව තායිලන්තයෙන් වාර්තා වනවා.
තායි බලධාරීන් ප්රකාශ කර තිබෙන ආකාරයට දින පහක් තිස්සේ පැවති ගලවාගැනීමේ ප්රයත්නයන් අසාර්ථක කරමින් මෙම මරණ සිදුවී ඇත.
චීනයේ සිට පැමිණි කම්කරුවන් දෙදෙනෙකු සහ මියන්මාරයේ සිට පැමිණි කම්කරුවෙක් මෙලෙස මියගොස් ඇතැයි වාර්තා වේ.
ඉදිකරමින් සිටි උමඟේ කොටසක් කඩා වැටීමෙන් ඔවුන් මෙසේ සිරවී ඇති බැවින් මෙම මරණ වාතය නොමැතිකම නිසා සිදු වූ බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.