සංචාරය කරන්න ඇවිත් කාන්තාවකට සිදුවුණු බිහිසුණු ඉරණම

By Sithumi Jul 14, 2023 06:28 PM GMT
Sithumi

Sithumi

Report

අලගල්ල කන්ද තරණයට ගොස් ජීවිතක්ෂයට පත්ව සිටි ඩෙන්මාර්ක තරුණියගේ සිරුර සොයාගැනීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයට අයත් (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් අද (14) සමත්වුණා

එම තරුණිය මහනුවර, අම්පිටිය ප්‍රදේශයේ පිහිටි "Kandy Backpackers Hostel" හෝටලයේ නවාතැන් ගෙන සිට ඇති අතර  ඇය අතුරුදන්වී ඇතිබව පසුගිය බදාදා (12) දින වාර්තා වී තිබුණු අතර 32 හැවිරිදි කාර්බ් මන්ක් එබ්සෙන් (Karb Munk Ebssen) පසුගිය බදාදා (12) දින පෙරවරු 10.00ට පමණ හෝටලයෙන් නික්මී ඇත්තේ අලගල්ල කඳු තරණයකර එදිනම සවස ආපසු පැමිණෙන බවට එම හෝටල් බලධාරින්ට පවසමින්.

නමුත් ඇය එදින නැවත හෝටලය වෙත පැමිණ නොතිබුණු අතර මේ පිළිබඳ හෝටල් බලධාරින් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (13) පස්වරු 03.00 ට පමණ මහනුවර සංචාරක පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇති අතර එම පොලිස් ස්ථානයේ නිලධාරින් අතුරුදන් වූ කාන්තාව සෙවීමේ කටයුතු සඳහා 11 පාබල සේනාංකයේ සහයෝගය ඉල්ලා තිබුණා.

අතුරුදන් වූ කාන්තාව සෙවීමේ මෙහෙයුම්වල නිරත වූ භටපිරිස් අද (14) දින උදෑසන සංචාරකයින් අතර ජනප්‍රිය මෙන්ම ප්‍රසිද්ධ ස්ථානයක් අසල තිබියදී ජීවිතක්‍ෂයට පත් තරුණියගේ සිරුර සොයාගනු ලැබූ අතර ඉදිරි පරීක්‍ෂණ සඳහා මෘත ශරීරය රෝහල වෙත රැගෙන යාමට භටපිරිස් සහ පොලිස් නිලධාරින් පසුව කටයුතු කළා.