මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට විරුද්ධ විශ්වාසභංගය හෙට කථානායක වෙත
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට විරුද්ධව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංග යෝජනාව හෙට (12) දින කථානායකවරයා වෙත භාර දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව, එම විශ්වාසභංග යෝජනාව අද (11) දින කථානායකට භාර දෙන බව සමගි ජන බලවේගය මීට පෙර තීරණය කර තිබුණද කථානායකවරයා අද දිනයේ වෙනත් කටයුත්තක් වෙනුවෙන් සහභාගි වීම නිසා මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළා.
පාස්කු ප්‍රහාරය සිදුවූ කාලයේදී නැගෙනහිර පළාතේ යුද හමුදා ආඥාපති වශයෙන් කටයුතු කළ බවත්, ප්‍රහාරයෙන් පසුව යළි සිදු වූ බෝම්බ පිපිරීම් පිළිබඳව වගකිවයුතු සාක්ෂි වසන් කිරීම පිළිබඳව ඔහුට චෝදනා එල්ල වී ඇති බවත් සඳහන්.