මාලිමාව දෙකට කැඩිලා නෑ අපි සමගියෙන් ඉන්නේ - හදිස්සියේම ගත්ත ෆොටෝ ෂූට් එක මෙන්න

Report

ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ප්‍රමුඛ ජාතික ජනබලවේගය ආණ්ඩුව තුළ “හරිනි – ටිල්වින් පාර්ශ්වය” ලෙස බෙදීමක් පිළිබඳව සමාජ මාධ්‍ය සහ දේශපාලන කවයන් තුළ උණුසුම් කතාබහක් ඇතිව තිබියදී, එහි නායකයන් එක්ව සිටින ඡායාරූපයක් හදිසියේම සමාජ මාධ්‍යවලට මුදාහැර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයකු විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කළ මෙම ඡායාරූපය, ජවිපෙ සහ මාලිමාව බෙදී නැති බව පෙන්වීමට ගත් උත්සාහයක් ලෙස බොහෝ දෙනා විසින් අර්ථකථනය කර ඇත.

චිචීගේ රොකට් එක ගැන කිව්වට අගමැතිනිය අයින් කරනවද? විශ්වාස භංගය ඇත්තද?

චිචීගේ රොකට් එක ගැන කිව්වට අගමැතිනිය අයින් කරනවද? විශ්වාස භංගය ඇත්තද?

එම ෆේස්බුක් සටහනේ, “ජවිපෙයි මාලිමාවයි බෙදෙන හැටි අනුර, හරිනි, ලාල්, විජිත, බිමල් ඇතුළු සෙට් එකම social media වල බලමින්…” යනුවෙන් සඳහන් වී තිබිණි. කෙසේ වුවත්, මෙම ඡායාරූපය පිළිබඳව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කරන්නේ, රටේ පාලන කටයුතු කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් සමාජ මාධ්‍ය නිරීක්ෂණයට කාලය වැය කරනවාද යන්නයි.

මීට පෙර, ජනාධිපතිවරයාගේ සමීපතම විදෙස්ගත සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු විසින් “රිලා සෙන්පති” ලෙස නම් කරනු ලැබූ මෙම අධ්‍යක්ෂවරයාගේ ප්‍රතිචාර බැරෑරුම් ලෙස නොසැලකිය යුතු බවට ද මත පළවෙමින් තිබේ.

කවුද දෙයියනේ හිතුවේ කුණු බැනුම් අහන කොළඹට මෙහෙම සීදේවි කමෙන්ට් එකක් වැටෙයි කියලා, පිස්සු හැදෙයි

කවුද දෙයියනේ හිතුවේ කුණු බැනුම් අහන කොළඹට මෙහෙම සීදේවි කමෙන්ට් එකක් වැටෙයි කියලා, පිස්සු හැදෙයි

එසේම, ආණ්ඩුව තුළම සිටින ජවිපෙ සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් අගමැතිනි හරිනි අමරසූරියට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරමින් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන පසුබිමක, මෙවැනි ඡායාරූපයක් මුදාහැරීම හාස්‍යජනක බව විචාරකයන්ගේ මතය වී ඇත.

නවසීලන්තය ශ්‍රම හිඟයට නව වීසා දෙකක් හඳුන්වා දෙයි

නවසීලන්තය ශ්‍රම හිඟයට නව වීසා දෙකක් හඳුන්වා දෙයි

 

Gallery