2026 අයවැයෙන් ලොකු වෙනසක් කරන්න යන බවට නිවේදනයක්, ලාල්ගේ විෂයට ජනපතිගේ මූලික අවධානය

Report

“කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර ආර්ථිකයට පුළුල්ව දායක කර ගැනීමට 2026 අයවැයෙන් වැඩි අවධානයක් “ යන මැයෙන් යුතුව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එහි සඳහන් වූයේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (11) දින පෙරවරුවේ දී පැවැත් වූ බවයි.

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි

එහිදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර පිළිබඳව වෙන් වෙන්ව නිලධාරීන් සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා රජය සතු ඉඩම්වල තිබෙන ව්‍යාකූලතා ඉක්මනින් නිරවුල් කර ගනිමින් දත්ත පද්ධතියක් සකස් කරන මෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවතින තත්ත්වයෙන් රට ඉහළට ඔසවා තැබීමට වැදගත් වන අංශයන්ට ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

ඒ අනුව ඔහු විසින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර පුළුල් ආකාරයට ආර්ථිකයට දායක කර ගැනීමේ ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බව සඳහන්. එසේම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කරන සහ ග්‍රාමීය ජනතාව ආර්ථිකයට ඒකාබද්ධ කරන රජයේ ප්‍රධාන වැඩපිළිවෙළ බවද ජනාධිපතිවරයා දක්වා ඇත.

කවුද දෙයියනේ හිතුවේ කුණු බැනුම් අහන කොළඹට මෙහෙම සීදේවි කමෙන්ට් එකක් වැටෙයි කියලා, පිස්සු හැදෙයි

කවුද දෙයියනේ හිතුවේ කුණු බැනුම් අහන කොළඹට මෙහෙම සීදේවි කමෙන්ට් එකක් වැටෙයි කියලා, පිස්සු හැදෙයි

දේශීය කිරි නිෂ්පාදනය හා සත්ත්ව ගොවිපොළ යන ක්ෂේත්‍ර කර්මාන්ත වශයෙන් සංවර්ධනය කිරීමට මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන් බව වාර්තා වේ.

මේ අතර ව්‍යාපෘතිවලට මුල්‍ය ප්‍රතිපාදන ලබා දීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, අදාළ ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාව වෙත ගලා යන්නේද යන්න විමසා බලා ඒ වෙනුවෙන් අවශ්‍ය යාන්ත්‍රණය බල ගැන්විය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.  

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල