මහරගම, නාවින්නේ වෙඩිල්ලේ CCTV එළියට[VIDEO]
මහරගම නාවින්න ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමේ CCTV දර්ශන පෙළක් ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලීසිය සඳහන් කළේ ඊයේ (06) රාත්‍රී 9.20ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් තවත් පුද්ගලයෙක් ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර පළගොස් ඇති බවයි.
එසේම අඳාළ වෙඩි වැදීමෙන් තුවාල ලැබු 28 හැවිරිදි තරුණයා ප්‍රතිකාර වෙනුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වෙඩි තැබීම සිදු කර ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් බව වාර්තා වේ.
එසේ වුවත් වෙඩි තැබීමට නිශ්චිත හේතුවක් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය ප්‍රකාශ කර ඇත.