උසස් පෙළට අයැදුම් කිරීමට ඉන්න අයට අන්තිම අවස්ථාවක්

Report

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට අයැදුම් කිරීම සඳහා හෙට (12) මධ්‍යම රාත්‍රි 12:00 දක්වා අවස්ථාව ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමය ඔස්සේ අයැදුම්පත් ඉදිරිපත් කිරීමට පහසුකම් සලසා ඇති අතර, කිසිදු හේතුවක් මත මෙම කාලසීමාව දීර්ඝ නොකරන බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

කොළඹ මේ ප්‍රදේශවල ඉන්න අය පරිස්සමෙන් - මෙන්න භයානක හෙළිදරව්ව

කොළඹ මේ ප්‍රදේශවල ඉන්න අය පරිස්සමෙන් - මෙන්න භයානක හෙළිදරව්ව

2024 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 විභාගයට අයැදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටින අයදුම්කරුවන්ට මෙන්ම, මීට පෙර ලබාදුන් කාලසීමාව තුළ අයැදුම් කිරීමට නොහැකි වූවන්ට ද මෙම අවස්ථාව හිමිවන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

ලබන නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන 2025 උසස් පෙළ විභාගයට අයැදුම් කිරීම සඳහා මීට පෙර ජූලි 21 දක්වා අවස්ථාව ලබාදී තිබූ බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

කෝ දෙනවා කිව්ව පොහොසත් රට, තාම උපාධිධාරීන්ට රැකියාවත් නෑ

කෝ දෙනවා කිව්ව පොහොසත් රට, තාම උපාධිධාරීන්ට රැකියාවත් නෑ

අපේ ළමයි දේශපාලනය කරයිද දන්නේ නෑ - උඹේ සීයයි තාත්තයි කෙලියා කිව්වොත් වැඩේ අවුල් යනවා - නාමල් රාජපක්ෂ

අපේ ළමයි දේශපාලනය කරයිද දන්නේ නෑ - උඹේ සීයයි තාත්තයි කෙලියා කිව්වොත් වැඩේ අවුල් යනවා - නාමල් රාජපක්ෂ