රේණුකා ඒකනායක පොලිස් කොමිසමෙන් ඉල්ලා අස්වෙන ලියුම කථානායකට දෙයි

Report

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් රේණුකා ඒකනායක ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඇය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එම ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති බව සඳහන්.

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

එසේම එහි සාමාජිකයෙක් පවසා ඇත්තේ අඳාළ ඉල්ලා අස්වීමේ ලිපියෙහි පිටපතක් ජාතික පොලිස් කොමිසමටද ලැබී ඇති බවයි.

මෙසේ ඉල්ලා අස් වී ඇත්තේ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ බිරිඳ වන හිටපු අමාත්‍යාංශ ලේකම්වරියක්.

මේ අයට විතරක් විශේෂ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්

මේ අයට විතරක් විශේෂ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්

ඉකුත් දා ඇගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවෙන් ප්‍රශ්න කිරීමක් සිදු කළා. ඒ ඕස්ට්‍රේලියාවෙන් 2018 වසරේදී ගැබ්බර කිරි ගවයන් 15,000ක් මිල දී ගැනීමට නෙදර්ලන්ත බැංකුවකින් ගත් ණය මුදලකින් අමෙරිකානු ඩොලර් මිලියන 11.7ක මුදලක් අදාළ සමාගමකට අත්තිකාරමක් වශයෙන් ගෙවුවද මේ වන තෙක් එම කිරි ගවයන් මෙරටට ආනයනය කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව‍යි.

එම කාල වකවානුවේ පශු සම්පත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය වශයෙන් කටයුතු කර ඇත්තේ රේණුකා ඒකනායකයි.

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි