ඇස්වලටත් පිස්සු හැදෙන එක අහන්නත් දෙයක්ද මේවා දැක්කම? වැරදීමකින් තරුණයෙක්ගේ ගිණුමට බිලියන ගාණක්
උත්තර් ප්‍රදේශ්හි දන්කෞර් ගම්මානයේ තරුණයකුගේ බැංකු ගිණුමට හදිසියේම රුපියල් කෝටි ගණනක් ලැබුණු පුවතක් වාර්තා වීමත් සමඟ බොහෝ දෙනකු පුදුමයට පත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව වාර්තා වූ ආකාරයට විසි හැවිරිදි දිලිප් සිං හෙවත් දීපු නම් අයෙක් මීට මාස දෙකකට පෙර කොටක් මහින්ද්‍රා බැංකුවේ ඉතුරුම් ගිණුමක් විවෘත කර තිබෙනවා.
එහෙත් අගෝස්තු 2 වන දින ඔහු තම ජංගම දුරකථනය ඔස්සේ සිය ගිණුම පරීක්ෂා කළ විට බොහෝ සෙයින් පුදුමයට පත් වී ඇත.
ඒ ඔහුගේ ඉතිරිකිරීමේ ගිණුමේ ශේෂය ලෙස රුපියල් 10,01,35,60,00,00,00,00,00,00,00,01,00,23,56,00,00,00,00,00,00,299 ක මුදලක් ඇති බව දැකීමත් සමඟයි.
කෙසේ වෙතත් තමා දුටු දේ සත්‍ය දැයි තහවුරු කොට ගැනීම සඳහා ශේෂය තහවුරු කර ගැනීමට ඔහු තම බැංකු ගිණුම නැවත නැවතත් පරීක්ෂා කර ඇත.
මේ අතර මෙම තරුණයා මේ ගිණුමෙන් තවත් ගිණුමකට රුපියල් දස දහසක් මාරු කිරීමට උත්සහ කිරීමේදී ඔහුට දැන ගන්නට ලැබුණේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගිණුම අත්හිටුවා තිබෙන බවයි.
කෙසේ වෙතත් බිලියන ගණනක් ඔහුගේ ගිණුමට පැමිණීමට පෙර දිලිප් සිංගේ බැංකු ගිණුමේ කොපමණ මුදලක් තිබුණාදැයි ඇසූ විට ඔහු පවසා තිබුණේ ‘මගේ ගිණුමේ තිබුණේ රුපියල් 10-20ක් පමණයි.’ යනුවෙන්.