කවුද දෙයියනේ හිතුවේ කුණු බැනුම් අහන කොළඹට මෙහෙම සීදේවි කමෙන්ට් එකක් වැටෙයි කියලා, පිස්සු හැදෙයි

By Kaushi Aug 11, 2025 03:15 PM GMT
Report

කොළඹ නගරය කෙතරම් අවුල් සහගතද යන්න සම්බන්ධයෙන් මෙරට වැසියන් බොහෝවිට පැමිණිලි කළද, නගරයට පැමිණෙන ඉන්දියානුවන්ගෙන් කොළඹ බොහෝ විට ප්‍රශංසාවට ලක් වෙන බව වාර්තා වේ.

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

ඒ අනුව ඉකුත් සතියේ කොළඹට පැමිණි ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදක හන්සාල් මේතා විසින් කොළඹ සහ ඔහුගේ උපන් නගරය වන මුම්බායි අතර සංසන්දනයක් පළ කළ බව සඳහන් වේ.

ඒ අනුව ඔහු සිය X ගිණුමේ සටහන් කර තිබුණේ,

මේ අයට විතරක් විශේෂ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්

මේ අයට විතරක් විශේෂ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්

“ආර්ථික අර්බුදයකින් සහ මෑතකාලීන දේශපාලන කැලඹීම්වලින් පොරබදමින් සිටින රටක්, නමුත් එහි අගනුවර (කොළඹ) නැගී එන සුපිරි බලවතකුගේ මූල්‍ය අගනුවරට වඩා පිරිසිදු, වඩා සංවිධානාත්මක සහ ගෞරවනීය ය.අපිරිසිදුකම, අවුල් සහගත බව, බිඳවැටුණු යටිතල පහසුකම් පමණක් නොව, ඒ කෙරෙහි අපගේ සාමූහික උදාසීනත්වය ගැන මුම්බායි වෙත ආපසු පැමිණෙන සෑම අවස්ථාවකම මම බියට පත්වෙනවා” යනුවෙන්.

එසේම “මම තවමත් විශ්වාස කරනවා මම මේ නගරයට ආදරෙයි කියලා. එය මට සියල්ල ලබා දී තිබෙනවා. නමුත් බලයේ සිටින අය විසින් එහි ගෙළ සිරකර ඇත.” යනුවෙන් ඔහු මුම්බායි ගැන ද වැඩිදුරටත් සඳහන් කර ඇති බව වාර්තා වේ.

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි