කොළඹ මේ ප්‍රදේශවල ඉන්න අය පරිස්සමෙන් - මෙන්න භයානක හෙළිදරව්ව
By Shehan
කොළඹ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය බහුලව භාවිතා වන ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන ඇති බව ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව, හඳුනාගත් ප්‍රදේශ අතර රාජගිරිය - ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, වැල්ලම්පිටිය - කොළොන්නාව, බොරැල්ල - වනාතමුල්ල, මොරටුව - ලුනාව සහ මට්ටක්කුලිය යන ප්‍රදේශ ඇතුළත් වේ.
මෙම ප්‍රදේශවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් හඳුනා ගැනීම සඳහා විශේෂ පියවර ගෙන ඇති බව මණ්ඩලය සඳහන් කරයි.
මෙම මෙහෙයුම පොලිසිය, විශේෂ කාර්ය සාධක බලකාය, රජයේ ආයතන කිහිපයක් සහ Clean Sri Lanka යන ආයතනවල සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.