තරුණ මව දූෂණය කළාට වෛද්‍යවරයාට අවුරුදු15 ක් බරපතළ වැඩ එක්ක මහ උළු ගෙදර තපින්න වෙයි

Law and Order Prison Latest Headlines Doctors Sinhala news
By Kaushi Aug 11, 2025 06:07 PM GMT
Kaushi

Kaushi

Report

උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණි 25 හැවිරිදි මවක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ වෛද්‍යවරයෙකුට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලින්ද හේවාවසම් මහතා විසින් අද දින වසර 15ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර ඇති බව වාර්තා වේ.

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි

එසේම පැමිණිලිකාර කාන්තාවට රුපියල් ලක්ෂ පහළොවක වන්දියක් ගෙවන ලෙසත් නියෝග කර ඇති අතර එය පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසර 03 ක සිර දඩුවමක් නියම කරන බව විනිසුරුවරයා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මෙසේ දඩුවම් නියම වූයේ අනුරාධපුර තිසා වැව ප්‍රදේශයේ පදිංචි විජේකෝන් විජේරත්න නැමැත්තෙක්.

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ රනවරාව රෝහලේ සේවය කළ 70 හැවිරිදි වෛද්‍යවරයෙකු බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඉකුත් 2020 වසරේ දී ජනවාරී මස 20 හෝ ඊට ආසන්න දිනයකදී මෙම වරද සිදුකර ඇති බවට විත්තිකරුට විරුද්ධව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණා.

මේ අයට විතරක් විශේෂ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්

මේ අයට විතරක් විශේෂ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්