තනිකඩව ඉන්න යුරේනිගේ විවාහය ගැන කිව්ව බුකිය රත්කරන ආරංචිය මෙන්න.(PHOTOS)

Facebook Gossip Today SL Actress Gossips Social Media
By Aruna Aug 18, 2024 07:52 AM GMT
Aruna

Aruna

Report

යුරේනි නොෂිකා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.

ඒත් එක්කම ඇගේ කලා ජීවිතය එක රාමුවකට සීමා නොවූවක් කියන එක මේ වෙනකොට හැමෝම දන්නා කාරණයක් බවට පත්වෙලා.

ඉතින් තවමත් තනිකඩ දිවියක් ගෙවන යුරේනි නොෂිකා සති අන්ත ජාතික පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙලා දැක්වූ අදහස් ගැන සමාජ මාධ්‍යයේ උණුසුම් පුවත් මවන්නට වුණා.

වාහන වල මිල ගණන් යළි ඉහළ නගී..නව මිල ගණන් ලැයිස්තුව මෙන්න..

වාහන වල මිල ගණන් යළි ඉහළ නගී..නව මිල ගණන් ලැයිස්තුව මෙන්න..


එහිදී යුරේනිගේ විවාහය ගැන හැමෝම හොයද්දි ඇය මෙලෙස අදහස් දැක්වීමක් සිදුකර තිබුණා.

ප්‍රශ්නය:

යුරේනි කියන්නේ ස්වාධීනව ජීවත් වෙන චරිතයක් නේ.ගැහැනු ළමයෙක්ට එහෙම ජීවත් වෙන්න පුළුවන්ද?

පිළිතුර:

මම විශ්වාස කරනවා සංසාරේ මොකක් හරි පිනක් කරලා ඇති ගල් පර්වතයක් වගේ ඉන්න. ලංකාවේ වගේ රටක එහෙම ගැහැනු ළමයෙක්ට තනියම ජීවත් වෙන එක ලෙහෙසි නැහැ.

මට හරි සැහැල්ලුවෙන් කියන්න පුළුවන් මයි කාර් මයි පෙට්‍රල් කියලා. ඒක කියන තරම් ලෙහෙසි නැහැ.

අපි ඉන්නේ හොඳ සමාජයක නෙවෙයි. තනියම හැමදේම කරගෙන ජීවත් වෙන්න හයිය හදවතක් තියෙන්න ඕනේ.

මොන දේ වුණත් දරාගෙන ඉස්සරහට යනවා කියන ආත්ම විශ්වාසය තියෙන්න ඕනේ.

එහෙම තියෙන ඕනෙම ගැහැනු කෙනෙක්ට මොකක් හරි ගේමක් ගහ ගන්න පුළුවන්.

ඉන්ධන සහ විදුලිය දැනෙන ගණනකින් අඩු කරන බවට දැනුම්දීමක්..කරන විදිය මෙන්න.

ඉන්ධන සහ විදුලිය දැනෙන ගණනකින් අඩු කරන බවට දැනුම්දීමක්..කරන විදිය මෙන්න.


එකම දේ තමයි තමන්ට තමන්ම සොරි කිව්වොත් එතැන තමයි වැටීම.

අනේ මට මේ දේ නැහැ අරක නැහැ කියලා හිතුවොත් ඉවරෙටම ඉවරයි. හැමදාම ඔහොම තනියම ඉන්නද කල්පනාව නැහැ.

බලමු ඉතින් අවුරුදු 50දී හරි නිවැරදි කෙනා හමුවුණොත් බඳියි.

ප්‍රශ්නය:

වාහනයක් දැක්ක හීනේ නම් සැබෑ කර ගත්තා නේද?

පිළිතුර:

ඔව් ඔව්. පොඩි පොඩි හීන සැබෑ කරගෙන තියෙනවා. මේකයි අපි හීන සැබෑ කර ගනිද්දී පොඩි ආතල් එකක් තියෙනවා.

ඒක තමන්ගේ ඊගෝ එකට හොඳයි. නමුත් මනුස්සයෙක් විදිහට සතුටු වෙන්න ඕනේ.

තමන් තනියම ඉන්න කොට තමන්ට මොන දේ තිබ්බත් තමන්ට හදවතට එකඟව සතුටු වෙන්න පුළුවන් සාර්ථක මනුස්සයෙක්.

මගේ ජීවිතේ දැනට මට සීයට සීයක් මම සාර්ථකයි කියන්න බැහැ.

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්ත වී බිම ඇද වැටුණු ගුරුවරියක් මියයයි..

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්ත වී බිම ඇද වැටුණු ගුරුවරියක් මියයයි..


මම තනියම ඉන්න වෙලාවට මම සීයට සීයක් සතුටු වෙන්නේ නැහැ.

ඒ නිසා මම දකින්නේ යම්තාක් දුරට සාර්ථක වුණු කෙනෙක් විදිහට.

GalleryGalleryGalleryGalleryGallery
ReeCha