නුවරඑළිය යන අයට මෙන්න විශේෂ දැනුම්දීමක්
Nuwara Eliya
Tourism
Economy of Sri Lanka
Latest Headlines
Sinhala news
By Shehan
සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග නුවරඑළියේ සංචාරක හෝටල්, බංගලා හා නිවාසවල නවාතැන් පහසුකම් දේශීය සංචාරකයන් විසින් මාර්ගගතව වෙන්කර ගෙන අවසන් බව නුවරඑළිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිලධාරියෙක් පැවසීය.
මෙම නිවාඩු කාලය තුළ සදතැන්න, තුරග තරග පිටිය, නගරසභා ක්‍රීඩාංගණය හා අඹේවෙළ යන ස්ථානවල නාදගම් සංගීත වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත. එමෙන්ම, ඇතැම් සංචාරක පහසුකම් ස්ථානවල කාමර මිල ගණන් ඉහළ දමා ඇති බව ප්‍රදේශවාසීහු සඳහන් කළහ.
සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නුවරඑළිය පොලිස් කොට්ඨාශවලින් නිලධාරීන් 100කට ආසන්න පිරිසක් මූලස්ථාන පොලිසියට කැඳවා ඇති අතර, දිවා රාත්‍රී රථවාහන රාජකාරි සඳහා යතුරුපැදි කිහිපයක් ද යොදවන බව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසීය.