ඉන්ධන සහ විදුලිය දැනෙන ගණනකින් අඩු කරන බවට දැනුම්දීමක්..කරන විදිය මෙන්න.
ඉන්ධන හා විදුලි ගාස්තු අඩු කරන බව ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ එම පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර සිටිනවා.
මේ වන විටත් ඊට අදාළ සැලසුම් සකස් කර අවසන් බවද ඔහු කියා සිටියා.
ගුණාත්මක ඖෂධ අඩු මිලකට ලබාදෙන සැලැස්මක්ද සකසා ඇති බවත් පැවසූ තම ආණ්ඩුවක් යටතේ පාසල් උපකරණ සඳහා පනවා ඇති භාණ්ඩ හා සේවා බද්ධ ඉවත් කර දමන බවයි කියා සිටියේ.
ඉන් අහිමිවන බදු ආදායම උපයා ගැනීම සඳහා බදු ඉතාමත් සරල කර ඊට අදාළ බදු සැලැස්මක් සකස් කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ ය.
ජාතික ජන බලවේගය විසින් තංගල්ල නගරයේදී සංවිධානය කර තිබූ ජනරැලියක් අමතමින් අනුර දිසානායක මහතා මෙම අදහස් පළ කරන ලදී.