විදුලි බිල 20%කින් ඉහළට?

Anura Kumara Dissanayaka Ceylon Electricity Board Sri Lanka Electricity Prices Latest Headlines Sinhala news
By Ashfa Sep 05, 2025 06:54 AM GMT
Ashfa

Ashfa

Report

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසන්නේ ආණ්ඩුව විසින් ළගදීම විදුලි බිල සියයට විස්සකින් වැඩි කිරීමේ යෝජනාවක් සකසන බවයි. එම ක්‍රියාවට තම සංගම විරෝධය ප්‍රකාශ කරන බව සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා ඇත.

"බ්‍රේක් නෑ පස්සට ගිහින් අල්ලගන්න රියදුරු කෑ ගැහුවා කවුරුත් ගණන් ගත්තේ නෑ අපි හිනා වුණා" - තුවාලකරුවෙක්ට පියවි සිහියට

"බ්‍රේක් නෑ පස්සට ගිහින් අල්ලගන්න රියදුරු කෑ ගැහුවා කවුරුත් ගණන් ගත්තේ නෑ අපි හිනා වුණා" - තුවාලකරුවෙක්ට පියවි සිහියට

ඔහු පැවසුවේ,

“විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය මුලින්ම ගෙනාවේ 2023 කාංචන විජේසේකර අමාත්‍යවරයා. ඉන් පස්සේ 2024 පාර්ලිමේන්තුවේ කතාබහට ලක්වුණා. ඒ ප්‍රතිපත්ති දිහා බලලා එදා අනුර කුමාර දැන් ජනාධිපතිතුමා කිව්වේ මේක ප්‍රතිගාමී ජන විරෝධී පනතක් කියලා. අපි ආවම අලුත් පනතක් හදනවා කියලත් එතුමා කිව්වා. නමුත් මේ අය දැන් ඒ පනතම කර ගහගෙන යනවා.

ඇල්ල - වැල්ලවාය බස් අනතුරට පෙර ගත් අවසන් චායාරුප

ඇල්ල - වැල්ලවාය බස් අනතුරට පෙර ගත් අවසන් චායාරුප

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව විදුලි සේවකයන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට විදුලි පාරිභෝගික අපි සහයෝගය දෙනවා. මොකද මේ පනත ක්‍රියාත්මක වෙච්ච ගමන් කොටස් හතරකට කැඩුණු සමාගම්වලට ලාභය එන විදිහට තමයි කටයුතු කරන්නේ. එහෙම නැතුව දැන් තියෙන පිරිවැය ක්‍රමයට නෙමෙයි.

ඒ වගේම මේ පනතට අනුව මහජන උපයෝගිතා කොමිසමට එදා තිබුණු බලය නැතුව යනවා. එවිට විදුලි පාරිභෝගිකයන්ට පැමිණිල්ලක් කරන්නවත් තැනක් නැතුව යනවා. ඇමැතිවරයාට ඕන විදිහට මුදල් අමාත්‍යාංශයේ උපදෙස් මත තමයි විදුලි බිල සකස් වෙන්නේ.

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ඒක පාරිභෝගිකයට හිතකර ක්‍රමයක් නෙවෙයි. අපි ඒ නිසා විරුද්ධයි. නැවතත් සියයට විස්සක විදුලි බිල වැඩි කරන්න යෝජනා ඇවිල්ලා. අපි කියනවා මේ ආණ්ඩුවට වැඩි කරන විදුලි බිල් අපි ගෙවන්නේ නෑ කියලා. එනිසා මේක වහාම අකුල ගන්න. මේ සඳහා අපි විරෝධතා දියත් කරනවා. පළමු විරෝධතාවය දහවෙනිදා මරඳගහමුලින් ආරම්භ කරනවා”