"බ්‍රේක් නෑ පස්සට ගිහින් අල්ලගන්න රියදුරු කෑ ගැහුවා කවුරුත් ගණන් ගත්තේ නෑ අපි හිනා වුණා" - තුවාලකරුවෙක්ට පියවි සිහියට

Report

ඊයේ රාත්‍රියේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ ප්‍රපාතයට පෙරලුනු බස් රථයේ සිටි රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයකු පියවි සිහියට පැමිණ කට උත්තරයක් ලබා දී තිබේ. අනතුරට හේතුව ලෙස බස් රථයේ තිරිංග ක‍්‍රියා විරහිත වූ බව පවසා රියැදුරු කෑ ගැසූ බව ඔහු පවසයි.

ඇල්ල - වැල්ලවාය බස් අනතුරට පෙර ගත් අවසන් චායාරුප

ඇල්ල - වැල්ලවාය බස් අනතුරට පෙර ගත් අවසන් චායාරුප

ඔහු වැඩිදුරටත් පැවසුවේ තමන් රියදුරු ආසන්නයේ එන්ජින් කවරය ගමන් කල බවත් තිරිංග ක්‍රියා විරහිතව ඇති බව පැවසුවද අනෙක් අය එය ගණනකට නොගත් බව ඔහු පවසයි.

පසුව රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකි වී ඉදිරියෙන් පැමිණි ජීප් රථයේ වැදී බස් රථය ප්‍රපාතයට ඇදවැටුණු බව ඔහු පවසයි. ඔහුද සිහිසුන්ව සිටි බවත් සිහිය පැමිණි පැමිණියේ රෝහල් ගත කලාට පසු බවත් ඔහු පැවසුවේය.

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

ඔහු පැවසුවේ,

"මම එයාලත් එක්ක කතා කර කර ආවේ.ඇල්ල හරියෙ වංගුව ගාවදී ඩ්‍රයිවර් කිව්වා බ්‍රේක් නෑ කියලා.ඊට පස්සේ කොන්දොතරයි තව කට්ටිය හිනාවුනා බොරු කියන්න එපා කියලා.ඊට පස්සෙ දෙවෙනි වංගුවේදීත් කිව්වා නෑ ඇත්තටම බ්‍රේක් නෑ කියලා.එකපාරටම කපන්න ගත්තා.එතකොට තමයි දන්නේ ඇත්තටම බ්‍රේක් නෑ කියලා.ඉස්සරහින් වාහනයක් ආවා.ඒකේ වැදිලා තමයි පල්ලමට ගියේ.ඒ වෙලාවේ නම් මං හිතුවේ මම ඉවරයි කියලා.වැටිලා පැයක් විතර සිහිය තිබ්බේ නෑ" 

අනතුරෙන් දිවි ගලවා ගත් කාන්තාවක් පැවසුවේ බස් රථයේ තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත වූ බැවින් පහළට ගොස් තදින් අල්ලාගෙන සිටින්නැයි බස් රථයේ කොන්දොස්තර කෑ ගැසූ බවය.

ඒ සමගම බස් රථය විශාල ශබ්දයක් සමඟ දෙවරක් ආරක්ෂිත වැටේ ගැටී ප්‍රපාතයකට පෙරළුණු බවත් ඇය පැවැසුවාය.

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න