බස් අනතුරේ සහන කටයුතු සඳහා හෙලිකොප්ටර යානා 2ක් වෛද්‍ය මණ්ඩලයක් සූදානම්

Report

ඊයේ (4) රාත්‍රියේ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර සදහා අවශ්‍ය සහන කටයුතු ලබාදීමට ගුවන් හමුදාවට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටරයක් දියතලාව ගුවන් හමුදා කඳවු‌‌රේ ස්ථානගත කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.

ඇල්ල - වැල්ලවාය බස් අනතුරට පෙර ගත් අවසන් චායාරුප

ඇල්ල - වැල්ලවාය බස් අනතුරට පෙර ගත් අවසන් චායාරුප

එයට අමතරව වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සමග Bell-412 වර්ගයේ හෙලිකොප්ටරයක් ද වීරවිල ගුවන් හමුදා කඳවුරේ සූදානම්ව සිටින බව වාර්තා වේ. මෙලෙස සිදු කිරීමට හේතුව වන්නේ අනතුරින් බරපතළ තුවාල වූ පුද්ගලයින් කොළඹට ගුවනින් රැගෙන ඒමට හෝ අවශ්‍ය ඕනෑම ගලවාගැනීමේ මෙහෙයුමකට සහාය වීම සඳහාය.

ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදු වූ මොහොතේ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රෙජිමේන්තු විශේෂ බලකායේ මුදවා ගැනීමේ කණ්ඩායමක්ද යොමුකර ඇත.

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

මිට අමතරව නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් බීච් ක්‍රාෆ්ට් වර්ගයේ යානයක් ද ඊයේ යොදවනු ලැබූ බව වාර්තා වේ. රාත්‍රී කාලයේ මෙම අනතුර සිදු වූ හෙයින් මුදාගැනීමේ කටයුතු දැඩි ලෙස වෙහෙසකර වූ අතර, එහි පහසුව සඳහා එලෙස එම යානය යොදවනු ලැබීය.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදුවූ අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද මිය ගොස් ඇත. අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

බදුල්ල ශික්ෂණ රෝහල සඳහන් කළේ මිය ගිය සෙසු පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරුද සිටින බවය.