උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
By Shehan
අද (05) උදෑසන, උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර 105 ½ සැතපුම් කණුව ආසන්නයේ, දුම්රිය පීලි අලුත්වැඩියාව සඳහා ප්‍රවාහනය කළ ට්‍රැක් මෝටර් රථයක එන්ජිමක් පීලි පැනීමකට ලක්ව ඇත.
මෙම සිදුවීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
උලපනේ සිට කොටගල දක්වා දුම්රිය පීලි රැගෙන ගිය මෙම ට්‍රැක් මෝටර් රථයේ කාර්ය මණ්ඩලය විසින් එන්ජිම යළි පීලි ගත කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.
හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා පවසන පරිදි, එන්ජිම පීලි ගත කිරීම අවසන් වන තුරු බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය දක්වාත්, කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රියන් රොසැල්ල දුම්රිය ස්ථානය දක්වාත් සීමා වනු ඇත.