ඇල්ලේ මාරක බස් අනතුර ගැන විපක්ෂ නායක සජිත් කණගාටුවෙන්

Sajith Premadasa Accident Latest Headlines Sinhala news gagana news
By Shehan Sep 05, 2025 08:38 AM GMT
Shehan

Shehan

Report

ඇල්ල ප්‍රදේශයේ ඊයේ(04) රාත්‍රියේ සිදුවූ මාරක බස් අනතුර සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කළ විශේෂ නිවේදනයට අනුව, ඔහු මෙම සිදුවීම පිළිබඳව තම බලවත් ශෝකය පළ කර ඇත.

මෙම අනතුරෙන් අවම වශයෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 18 දෙනෙකු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

විපක්ෂ නායකවරයා සිය නිවේදනයේ සඳහන් කර ඇත්තේ, මෙම අවාසනාවන්ත අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයන්ගේ උතුම් ගුණාංගය වන අන්‍යයන්ට උපකාර කිරීමේ හැකියාව යළිත් වරක් ප්‍රකට වූ බවයි.

"බ්‍රේක් නෑ පස්සට ගිහින් අල්ලගන්න රියදුරු කෑ ගැහුවා කවුරුත් ගණන් ගත්තේ නෑ අපි හිනා වුණා" - තුවාලකරුවෙක්ට පියවි සිහියට

"බ්‍රේක් නෑ පස්සට ගිහින් අල්ලගන්න රියදුරු කෑ ගැහුවා කවුරුත් ගණන් ගත්තේ නෑ අපි හිනා වුණා" - තුවාලකරුවෙක්ට පියවි සිහියට

ඔහු විශේෂයෙන් එක්ව මුදාගැනීමේ මෙහෙයුම්වලට සහභාගි වූ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, සහ ඇල්ල ප්‍රදේශයේ ජනතාව වෙත ගෞරවය හා කෘතඥතාව පළ කර ඇත.

මෙම අනතුර ඇල්ල-වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ලට නුදුරින්, බස් රථයක් ජීප් රථයක ගැටී අඩි 700-1000ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බව පොලිසිය පවසයි.

රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් ඉල්ලා අස්වෙයි

රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් ඉල්ලා අස්වෙයි

බස් රථයේ ගමන් කළේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් විනෝද චාරිකාවකට යමින් සිටි අතර, ජීප් රථයේ රියදුරු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුර සිදුවූ ස්ථානයේ තිබූ ඝන අඳුර සහ ප්‍රපාතයේ ගැඹුරු බව හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම්වලට දැඩි බාධා එල්ල වූ බවත්, එහිදී ප්‍රදේශවාසීන්ගේ සහයෝගයද ඉතා වැදගත් වූ බවත් වාර්තා වේ.  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කඳු ගැහිලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කඳු ගැහිලා

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

විදුලි බිල 20%කින් ඉහළට?

විදුලි බිල 20%කින් ඉහළට?

Gallery