ඔයාටත් ජපන් යන්න චාන්ස් එකක්

By Mithu Jun 26, 2025 06:01 PM GMT
Report

ලංකාවේ පවතින ආර්ථික තත්ත්වයත් සමඟ විදෙස් රටක රැකියාවක් කිරීම බහුතර තරුණ තරුණියන්ගේ බලාපොරොත්තුවයි.

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

ඒ අනුව තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස තවත් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරියේදී ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත. මෙම පිරිසට සාත්තු සේවා පුහුණුලාභී තරුණියන් 04ක්, නිෂ්පාදන රැකියා සඳහා 04ක් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණුලාභී තරුණයින් 08ක් අයත්ය. ඒ අනුව මෙම පිරිසට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී ඊයේ (25) සිදු කළේය.

ජපානයේ පිහිටි IM ජපන් ආයතනය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස මෙම පිරිස ජපානය වෙත යොමුකරනු ලබයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ වනවිට පුහුණුලාභීන් 589ක පිරිසක් ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යොමුකර තිබේ.

තවදුරටත් රන්මය උණුසුමක් – මිල ඉහළට

තවදුරටත් රන්මය උණුසුමක් – මිල ඉහළට

එමෙන්ම තවත් 100කට අධික පිරිසක් පෙර විගමණික පුහුණුව ලබමින් සිටින බවද එම කාර්යාංශය පැවසීය. මේ අතර නියමිත පුහුණු කාලසීමාව සාර්ථකව අවසන්කර මෙරටට පැමිණි පුහුණුලාභින් සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට සහායදීමේ වැඩපිළිවෙළක්ද මෙම පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මකව ඇත.