තවදුරටත් රන්මය උණුසුමක් – මිල ඉහළට
පසුගිය දින කිහිපය තුළ ජාත්‍යන්තර වෙළඳපොලේ ඉහළ යමින් පැවති තෙල් මිල අද (26) දින තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, රන් මිල ද සුළු වශයෙන් ඉහළ යාමක් වාර්තා වේ.
ජාත්‍යන්තර වෙළඳපොලේ රන් මිලෙහි ඉහළ යාමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ, ඊයේ දින රන් මිලට සාපේක්ෂව අද රන් මිල රුපියල් 1,000කින් ඉහළ ගොස් ඇති බව කොළඹ චෙට්ටියාර් වීදියේ රන් හා ස්වර්ණාභරණ සංගමය පවසයි.
ඒ අනුව, කොළඹ චෙට්ටියාර් වීදියේ අද දින රන් මිල පහත පරිදි වේ;
කැරට් 24 රන් පවුමක් රුපියල් 268,000 කට අලෙවි වේ.
කැරට් 22 රන් පවුමක් රුපියල් 248,000 කට අලෙවි වේ.
ඒ අනුව, කැරට් 24 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 33,500 කට අලෙවි වන අතර, කැරට් 22 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 31,100 කට අලෙවි වේ.