යොහානි යළි ජාත්‍යන්තරයට යයි..ඉන්දියාවෙන් ඇයට ලැබුණ විශේෂ දේ මෙන්න..(VIDEO/PHOTOS)

Sri Lanka Army Cinema Lead Sri Lanka India Gossip Today
By Aruna May 01, 2024 08:27 AM GMT
Aruna

Aruna

Report

යොහානි කියන්නෙ අපේ රටේ නම ජාත්‍යන්තරයටම අරන් ගිය දක්ෂ සහ ජනප්‍රිය තාරකාවක් කිව්වොත් හැමෝම දන්නා කාරණයක්.

මේ අනුව කෙටි කලක් තුළ යොහානිට ලැබුණු ලොකුම සම්මානය තමයි ජාත්‍යන්තර පිළිගැනීම.

ඒ සම්මානය දෝත දරාගෙන යොහානි යන ගමන සැබවින්ම ජයග්‍රහණවලින් පිරුණු එකක් කිව්වොත් හරි බොහෝදෙනෙක් පිළි නොගන්න එකක් නැහැ.

එහෙම ජයග්‍රහණ පිරුණු මාවතක ගමන් ගන්නා යොහානිට ඊයේ (30) හරි සුවිශේෂී දවසක් වුණේ මෙතෙක් නොලැබුණ සුවිශේෂී සිදුවීමක් සිදු වෙමින් ය.

ඒ සුවිශේෂීත්වයට හේතුව, මුම්බායිවල පැවති ''Shows of India Conclave 2024'' හිදී ''Breakout Star'' ලෙස යොහානි සම්මානනීය වීමයි.

යොහානි යළි ජාත්‍යන්තරයට යයි..ඉන්දියාවෙන් ඇයට ලැබුණ විශේෂ දේ මෙන්න..(VIDEO/PHOTOS) | Yohani De Silva

ඊයේ පැවති ''Shows Of India Conclave'', එහි සිව්වන සංස්කරණය සනිටුවහන් කරන ලද අතර, එය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ඇගයීම අරමුණක් බවයි පැවසෙන්නේ.

යොහානි යළි ජාත්‍යන්තරයට යයි..ඉන්දියාවෙන් ඇයට ලැබුණ විශේෂ දේ මෙන්න..(VIDEO/PHOTOS) | Yohani De Silva

සම්මානය ලද යොහානි සිය සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත ගොස් සඳහන් කර තිබුණේ, ලද සම්මානය ගැන නිහතමානීව සතුටට පත්වන බවත් ඉදිරියේදී නව නිර්මාණ තුළින් රසිකයින් හමුවට පැමිණෙන බවයි...

මීට අදාල වීඩියෝවක් පහතින් නරඹන්න👇