ලෝක සංචාරයට බලාපොරොත්තුවක් තියනව නම් මේ ගැන දැනුවත් වෙන්න..
ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාවේ ලැයිස්තුවට අනුව පාකිස්තානයේ කරච්චි නුවර විදේශිකයන්ට අවදානමක් ඇති ලොව දෙවැනි නගරය බවට පත් වී ඇතැයි එරට ඩෝන් පුවත් සේවය වාර්තා කර තිබේ .
පසුගිය ජූලි මස 11 වැනිදා නිකුත් කර ඇති ෆෝබ්ස් නවතම ලැයිස්තුවට අනුව එම වර්ගීකරණය සිදු කර ඇති අතර, එහි පළමු තැන වෙනිසියුලාවේ කරකස් නුවරට ලැබී ඇත.
ඒ අනුව කර්කස් නගරයේ සංචාරය කිරීමේ අවදානම 100%ක් බවත්, කරච්චි නුවර සංචාරය කිරීමේ අවදානම 93.12%ක් බවත් එම ලැයිස්තුවෙන් පෙන්වා දී ඇති අතර, තුන්වැනි තැනට පත්ව ඇති මියන්මාරයේ යැංගුන් නුවර සංචාරකයන්ගේ අවදානම් තත්ත්වය 91.67% ක් බව ද සඳහන් වී ඇත.
මීට අමතරව මෙම ලයිස්තුවේ පෙලගස්වා ඇති නගර වනුයේ.
ලාගෝස්, නයිජීරියාව (91.54%) මැනිලා, පිලිපීනය (91.49%) ඩකා, බංග්ලාදේශය (89.5%) බොගෝටා, කොලොම්බියාව (86.7%) කයිරෝව , ඊජිප්තුව (83.44%) මෙක්සිකෝ සිටි, මෙක්සිකෝ (82.43%) ක්විටෝ , ඉක්වදෝරය (82.02%)
මෙම ලැයිස්තුවේ ඉන්දියානු නගර දෙකක්ද වේ. නවදිල්ලිය සහ මුම්බායි 2024 දී සංචාරකයින් සඳහා අවදානම් සහිත ඉන්දියානු නගර දෙක ලෙස ශ්‍රේණිගත කර ඇති අතර, පිළිවෙලින් 12 වන සහ 14 වන ස්ථානයේඇත. ඔවුන්ගේ අවදානම් ලකුණු 77.68% සහ 77.36% වේ.
අපරාධ, ප්රචණ්ඩත්වය, ත්‍රස්තවාදී තර්ජන, ස්වභාවික ව්‍යසන, ආර්ථික අස්ථාවරත්වය වැනි අවදානම් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් හා පෞද්ගලික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් ෆෝබ්ස් සඟරාවේ ලැයිස්තුව සකස් වී ඇතැයි ද වාර්තා වේ.
