හමාස් නයකයා ඝාතනය වූයේ ගුවන් ප්‍රහාරයකින් නොවේ..මාස දෙකකට පෙර කල සැලසුමකින් ද?..

By Piyumika Aug 03, 2024 01:37 AM GMT
Report

හමාස් නාය­කයා මිය ගියේ ගුවන් ප්‍රහා­ර­ය­කින් නොව ඔහු නවා­තැන් ගෙන සිටි ගොඩ­නැ­ඟිල්ලේ සවි කර තිබූ බෝම්බ­යක් පිපි­රී­මෙන් බව අමෙ­රි­කාවේ නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කර තිබේ .

මෙවර ඇසල පෙරහැර බලන්න යන ඔයාට දියවඩන නිලමේවරයාගෙන් පණිවිඩයක් ..

මෙවර ඇසල පෙරහැර බලන්න යන ඔයාට දියවඩන නිලමේවරයාගෙන් පණිවිඩයක් ..

එම බෝම්බය මීට මාස දෙක­කට පෙර එහි සඟවා තිබී ඇතැයි ද, දුරස්ථ පාල­ක­යක් මගින් පුපු­රුවා හැර ඇතැයි ද එම වාර්තාව උපුටා දක්ව­මින් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ඉරා­නයේ නව ජනා­ධි­පති මසූඩ් පෙසෙ­ෂ්කි­යන්ගේ පදවි ප්‍රාප්ති උත්ස­ව­යට සහ­භාගි වීමට ටෙහෙ­රාන් නුව­රට ගිය හමාස් නාය­කයා උතුරු ටෙහෙ­රා­නයේ ගොඩ­නැ­ඟි­ල්ලක නවා­තැන් ගෙන ඇති අතර, එම ගොඩ­නැ­ඟිල්ල ඉරාන විප්ල­වීය හමු­දාවේ හිටපු නිල­ධා­රින්ගේ නේවා­සි­කා­ගා­ර­යක් බව වාර්තා වේ.

දිවයින පුරා ප්‍රදේශ රැසකට වැස්ස සහ සුළඟ වැඩි වෙයි ..අද කාලගුණ අනාවැකිය මෙන්න..

දිවයින පුරා ප්‍රදේශ රැසකට වැස්ස සහ සුළඟ වැඩි වෙයි ..අද කාලගුණ අනාවැකිය මෙන්න..

එය ඔහු ඉරා­න­යට පැමි­ණෙන බොහෝ අව­ස්ථා­ව­ලදී නවා­තැන් ගන්නා ස්ථානය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බෝම්බය පිපි­රී­මෙන් ගොඩ­නැ­ගිල්ල දරුණු සෙල­වී­ම­කට ලක්වී ඇති අතර, බිත්තියේ කොට­සක් ද, කවුළු කිහි­ප­යක් ද කඩා වැටී ඇතැයි වාර්තා වේ.