රට ගැන කැක්කුමක් ඇති යුක්රේන රටවැසියන්, 80000ක් නැවතත් තම මව් රටට...
Ukraine
World News
Gagana news
By Subodha
විදේශගතව සිටින යුක්රේන වැසියන් 80,000 ක් රුසියන් හමුදා සමඟ හටන් වැදීමට යුක්රේනය බලා යළි පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මේ වනවිට ලක්ෂ 6 කට වැඩි යුක්රේන සිවිල් වැසියන් පිරිසක් සරණාගතයන් ලෙස රුසියන් ප්‍රහාර හමුවේ අසල්වැසි රටවලට ගොස් තිබේ.
එම වැසියන්ගෙන් ද බොහෝ පිරිමි දරුවන් සහ බිරිද තනිකර රුසියන් හමහුදා සමඟ සටන් වැදීමට ආපසු යුක්රේනයට පැමිණෙමින් සිටින බව ද පැවැසෙයි.
මේ අතර, රුසියන් හමුදාව සමඟ සටනට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නැයි යුක්රේන ජනාධිපති සෙලෙන්සිකී කළ ඉල්ලීමට ප්‍රතිචාර දකිවමින් යුරෝපා රටවල කුලී හේවායන් පවා යුක්රේනයට පැමිණ ඇතැයි වාර්තාවේ.
මේ වනවිට එසේ පැමිණි විදෙස් සටන්කාමීන්ගෙන් සැදුම්ලත් ලක්ෂයක බලඇණියක් රුසියන් හමුදා සමඟ සටන් කිරීමට සූදානමින් සිටින බව යුක්රේන රජය පවසා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |