කොළඹට එන ලොවම වසඟ කළ රූ රැජිනියන්

By Malith Madushan Aug 04, 2026 05:12 AM GMT
Report

විවාහක රූ රැජිනියන් සඳහා පැවැත්වෙන ලොව ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරගාවලියක් වන Mrs Universe 2026 World Final හි සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන තිබේ.

මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියකට ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන පළමු අවස්ථාව මෙය වන අතර, 49 වැනි වරට පැවැත්වෙන මෙම තරගය සඳහා ලොව පුරා රටවල් 120ක නියෝජිතවරියන් සහභාගි වීමට නියමිතය.

හැමෝම ආදරය කරන රොෂාන් රණවනගේ 12 වෙනි Anniversary එකේ වෙනස්ම තාලේ Photoshoot එක මෙන්න

හැමෝම ආදරය කරන රොෂාන් රණවනගේ 12 වෙනි Anniversary එකේ වෙනස්ම තාලේ Photoshoot එක මෙන්න

තරගාවලියේ වැඩසටහන් ඔක්තෝබර් 18 වැනිදා සිට 25 වැනිදා දක්වා කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර, අවසන් මහා තරගය ඔක්තෝබර් 25 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

ජාත්‍යන්තර අවධානය දිනාගන්නා මෙම උත්සවය හරහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය, ආර්ථික ක්ෂේත්‍රය සහ ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලොව විවිධ රටවල රූ රැජිනියන් සහ නියෝජිතයින් එක්වන මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, ආගන්තුක සත්කාරය සහ හැකියාවන් ලෝකයට ප්‍රදර්ශනය කිරීමට ලැබෙන වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.

ලංකාවම ආදරේ කරන ටීනා ශනෙල් ඇත්තටම මනාලියක් වෙලාද? සමාජ මාධ්‍ය කැළඹූ සුන්දර ඡායාරූප පෙළ මෙන්න

ලංකාවම ආදරේ කරන ටීනා ශනෙල් ඇත්තටම මනාලියක් වෙලාද? සමාජ මාධ්‍ය කැළඹූ සුන්දර ඡායාරූප පෙළ මෙන්න

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...