ලෝක බැංකුවෙන් නව වාර්ගීකරණය – ශ්‍රී ලංකාවට තවමත් පහළ මට්ටමේ ආදායම

World Bank Economy of Sri Lanka Latest Headlines Sinhala news gagana news
By Shehan Jul 07, 2025 12:03 AM GMT
Shehan

Shehan

Report

ලෝක බැංකුව විසින් 2026 වසරේ ජූනි 30 දක්වා කාලය සඳහා වන රටවල් වර්ගීකරණය එළි දක්වා තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාව තවදුරටත් පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය වී ඇති බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

1998 වසරේදී ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටවල් කාණ්ඩයෙන් මෙම පහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට උසස් කරන ලදී.

1987 සිට 2025 දක්වා කාලය තුළ සමස්ත දකුණු ආසියානු කලාපයම පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් කාණ්ඩයට එක්ව බෙනවා.

අද ලග්න පලාපල – 2025 ජූලි 07 | අද ඔබේ ලග්නය කියන මහා වෙනස මෙන්න

අද ලග්න පලාපල – 2025 ජූලි 07 | අද ඔබේ ලග්නය කියන මහා වෙනස මෙන්න

එමෙන්ම, ඒ ඒ රටවල් මෙම කාණ්ඩ අනුව වර්ගීකරණය කෙරෙන ආදායම් මට්ටම්ද මේ වසර සඳහා සුළු ප්‍රමාණයකින් අඩු කර ඇති බව ලෝක බැංකු වාර්තාවේ සඳහන්.

සෑම වසරකම ජූලි 1 වන දින ලෝක බැංකු කණ්ඩායම විසින් ලෝකයේ ආර්ථිකයන් ආදායම් කාණ්ඩ හතරකට වර්ගීකරණය කරනු ලබනවා.

'ජපන් බාබා වැන්ගා' නාගනී? අනාවැකිය වැරදෙයි - ජපානය විනාශ වන බව කී දිනය පහුවෙයි

'ජපන් බාබා වැන්ගා' නාගනී? අනාවැකිය වැරදෙයි - ජපානය විනාශ වන බව කී දිනය පහුවෙයි

එනම් අඩු ආදායම්, පහළ මධ්‍යම ආදායම්, ඉහළ මධ්‍යම ආදායම් සහ ඉහළ ආදායම් යනුවෙන්. මෙම වර්ගීකරණයන් පදනම් වී ඇත්තේ පෙර වසරේ එක්සත් ජනපද ඩොලර්වලින් ප්‍රකාශිත, ඇට්ලස් ක්‍රමය (Atlas method) භාවිතයෙන් ගණනය කරන ලද ඒක පුද්ගල දළ ජාතික ආදායම (GNI) මතයි.

දිනෙන් දින රන් මිල අඩුවෙයි - ඔබේ අවස්ථාව දැන්ම!

දිනෙන් දින රන් මිල අඩුවෙයි - ඔබේ අවස්ථාව දැන්ම!

ReeCha