ලංකාවේ පස්දෙනෙකුගෙන් දෙදෙනෙක්ම දුප්පත්කමින් හෝ දුගී රේඛාව ආසන්නයේ - ලෝක බැංකුව

Report

ලෝක බැංකුවෙන් අනතුරු ඇඟවීමක් මෙම වසරේදී (2026) සෑම ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුම දුප්පත්කමින් පීඩා විඳිමින් හෝ දුගී රේඛාව ආසන්නයේ (50% සීමාව තුළ) ජීවත් වනු ඇති බව ලෝක බැංකුව අද (06) නිකුත් කළ මෙරට සංවර්ධන නවතම වාර්තාවේ සඳහන් වේ.

දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ සිය ඉතුරුම් වියදම් කළ ජනතාවට ඒවා නැවත ගොඩනගා ගැනීමට පෙර ජීවන වියදම නැවත ඉහළ යාම නිසා දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

IMF උපදෙස් අනුව ඉන්ධන මිල වෙනස් වෙයිද? - ඇමති නලින්ද ආණ්ඩුවේ ස්ථාවරය හෙළිකරයි

IMF උපදෙස් අනුව ඉන්ධන මිල වෙනස් වෙයිද? - ඇමති නලින්ද ආණ්ඩුවේ ස්ථාවරය හෙළිකරයි

මේ හේතුවෙන් එම ජනතාවට ඉදිරියේදී තවත් ආර්ථික කම්පනයකට මුහුණ දීමට සිදු වුවහොත්, ඔවුන්ගේ ආදායම් තත්ත්වය තවදුරටත් සීඝ්‍රයෙන් පහළ යාමේ අවදානමක් පවතින බව ද වාර්තාව පෙන්වා දෙයි.

ලෝක බැංකු දත්තවලට අනුව, 2019 වසරේදී 11.5%ක් වූ මෙරට දුප්පත්කම 2023 වසරේදී 20.7% දක්වා අතිශය ඉහළ අගයකට පත්විය. ඉන්පසුව 2025 වසරේදී 16.9%ක් වූ දුප්පත්කම 2026 දී 15.8% දක්වා අඛණ්ඩව පහළ යනු ඇති බවට පුරෝකථනය කර තිබුණ ද, එය තවමත් අර්බුදයට පෙර පැවැති මට්ටමට පැමිණ නොමැත.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සම්බන්ධ බව කියන ඉඩමකටත් අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සම්බන්ධ බව කියන ඉඩමකටත් අධිකරණයෙන් නියෝගයක්

මෙම තත්ත්වය හමුවේ මෙරට දුප්පත්කම 2028 වන විට 14% දක්වා පහත බසිනු ඇති අතර, නැවත අර්බුදයට පෙර පැවැති සාමාන්‍ය මට්ටමට ළඟා වීමට 2030 වසර දක්වා කල් ගතවනු ඇතැයි ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.