විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා රගන Ranabaali චිත්‍රපටය තීරගතවිමට නියමිතයි - ''ටිකට් මිල වැඩි කරන කතාව බොරුවක්ලු''

Report

විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා ප්‍රධාන චරිත නිරූපණය කරන ‘Ranabaali’ චිත්‍රපටයේ ප්‍රවේශපත්‍ර මිල ඉහළ දැමීමට ඉල්ලීමක් කර ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එහි නිෂ්පාදක සමාගම වන Mythri Movie Makers පවසයි.

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සිනමාහල්වල මෙම චිත්‍රපටයේ ප්‍රවේශපත්‍ර මිල ඉන්දීය රුපියල් 50කින් ඉහළ නැංවීමට නිෂ්පාදකවරුන් ඉල්ලීමක් කර ඇති බවට වාර්තා පළවීමත් සමඟ එම සමාගම මෙම පැහැදිලි කිරීම සිදුකර තිබේ.

සඳුදා (06) සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් Mythri Movie Makers සඳහන් කර ඇත්තේ, ආන්ද්‍රා ප්‍රදේශ් හෝ තෙලන්ගානා යන ප්‍රාන්ත දෙකෙන් කිසිවක ප්‍රවේශපත්‍ර මිල ඉහළ නැංවීම සඳහා තමන් ඉල්ලීමක් කර නොමැති බවයි.

“ෂාරුක් ඛාන්ට නර්තනයත් පුහුණු කළ පුනීත්ට ‘Josh’ රඟපාද්දී සිදුවූ දේ” – වසර ගණනකට පසු කතා කරයි

“ෂාරුක් ඛාන්ට නර්තනයත් පුහුණු කළ පුනීත්ට ‘Josh’ රඟපාද්දී සිදුවූ දේ” – වසර ගණනකට පසු කතා කරයි

ඒ අනුව, ‘Ranabaali’ චිත්‍රපටය සාමාන්‍ය ප්‍රවේශපත්‍ර මිල ගණන් යටතේ තිරගත කරන බවද නිෂ්පාදකවරුන් තහවුරු කර තිබේ. රාහුල් සන්ක්‍රිත්‍යාන් විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය ඔක්තෝබර් 16 වැනිදා තිරගත වීමට නියමිතය.

1854 සහ 1878 අතර කාල පරිච්ඡේදය පසුබිම් කරගත් මෙම චිත්‍රපටය ප්‍රාදේශීය ඉතිහාසය සහ ජනප්‍රවාද ඇසුරින් නිර්මාණය කළ කාලාන්තර ක්‍රියාදාම චිත්‍රපටයකි.

විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා මීට පෙර ‘Geetha Govindam’ (2018) සහ ‘Dear Comrade’ (2019) චිත්‍රපටවල එකට රංගනයෙන් දායක වී ඇති අතර, ‘Ranabaali’ ඔවුන් දෙදෙනා එකට රඟපාන තුන්වැනි චිත්‍රපටයයි.

සූරියාගේ අලුත්ම චිත්‍රපටය Netflix එක හොලවයි - දින 10ක් ඇතුළත නැරඹීම් මිලියන 11.3ක් ‘Vishwanath & Sons’ ඩිජිටල් වේදිකාවේ අලුත් වාර්තාවක් තබයි

සූරියාගේ අලුත්ම චිත්‍රපටය Netflix එක හොලවයි - දින 10ක් ඇතුළත නැරඹීම් මිලියන 11.3ක් ‘Vishwanath & Sons’ ඩිජිටල් වේදිකාවේ අලුත් වාර්තාවක් තබයි