ඉදිරි පැය 36 කාලගුණ අනාවැකිය නිකුත් කෙරේ - දිස්ත්‍රික්ක සහ පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි

Report

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය 2026 ඔක්තෝබර් 06 වැනිදා පස්වරු 4.00ට නිකුත් කරන ලදී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

මේ අතර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ දිස්ත්‍රික්ක ප්‍රවේශමෙන් - පස්වරු 1න් පසු කාලගුණය දරුණු වෙයි

මේ දිස්ත්‍රික්ක ප්‍රවේශමෙන් - පස්වරු 1න් පසු කාලගුණය දරුණු වෙයි

A/L ගෘහ ආර්ථික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ දින තීන්දුයි - ප්‍රවේශ පත්‍ර නොලැබුණොත් කරන්න ඕන දේ මෙන්න

A/L ගෘහ ආර්ථික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ දින තීන්දුයි - ප්‍රවේශ පත්‍ර නොලැබුණොත් කරන්න ඕන දේ මෙන්න

Gallery