අයිස් සමඟ කොටු වූ කහඳගමට දින 6ක රැඳවුම් නියෝගයක්

Report

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද (06) අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා මෙම මස 12 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී මහින්ද කහඳගම මහතා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ සැකකරු සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු රැසක් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.   

මහින්ද කහඳගම අත්අඩංගුවට - කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සැර වෙයි

මහින්ද කහඳගම අත්අඩංගුවට - කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සැර වෙයි

මෙම මස ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිවේදනයක්

මෙම මස ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිවේදනයක්