මෙම මස ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිවේදනයක්

Report

මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේම පවත්වාගෙන යාමට හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.

අද (06) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ, ඉදිරි මාස තුන තුළ විශාල අර්බුදයක් ඇති නොවන්නේ නම් වත්මන් ඉන්ධන මිල සහ සැපයුම් තත්ත්වය වෙනස් කිරීමකින් තොරව පවත්වාගෙන යාමට හැකියාව පවතින බවයි.

ඩීසල් මදිවට පෙට්‍රලුත් නෑ.. කොළඹත් තෙල් ප්‍රශ්නේ උඩු දුවද්දි දිගටම පෝලිම් - සියල්ල ලබන බ්‍රහස්පතින්දා විසඳෙන බවට කොළ එළියක්

ඩීසල් මදිවට පෙට්‍රලුත් නෑ.. කොළඹත් තෙල් ප්‍රශ්නේ උඩු දුවද්දි දිගටම පෝලිම් - සියල්ල ලබන බ්‍රහස්පතින්දා විසඳෙන බවට කොළ එළියක්

සතිපතා අඟහරුවාදා දිනවල සිදුකරන තොග සමාලෝචනයට අනුව තවත් ඉන්ධන නෞකා දෙකක් කඩිනමින් ගෙන්වීමට පියවර ගෙන ඇති අතර, මෙම මාසයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි ඉන්ධන සංචිතයක් සංස්ථාව සතුව පවතින බව ද හෙතෙම අවධාරණය කළේය.

IMF උපදෙස් අනුව ඉන්ධන මිල වෙනස් වෙයිද? - ඇමති නලින්ද ආණ්ඩුවේ ස්ථාවරය හෙළිකරයි

IMF උපදෙස් අනුව ඉන්ධන මිල වෙනස් වෙයිද? - ඇමති නලින්ද ආණ්ඩුවේ ස්ථාවරය හෙළිකරයි

පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් සැපයුම් සීමා කිරීම හේතුවෙන් තාවකාලික හිඟයක් ඇතිවිය හැකි ප්‍රදේශ 62ක් සති තුනකට පෙර හඳුනාගත් බවත්, එම ප්‍රදේශවලට වැඩි ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කිරීමට අදාළ සමාගම් සමඟ එකඟතාවකට පැමිණ ඇති බවත් සභාපතිවරයා පැවසීය.

ඒ අනුව රට තුළ ඉන්ධන අර්බුදයක් ඇතිවීමට කිසිදු හේතුවක් නොමැති බැවින් අනවශ්‍ය ලෙස කලබල වී පෝලිම්වල රැඳී නොසිටින ලෙසත්, පෞද්ගලික පිරවුම්හල්වල පෝලිම් පවතින්නේ නම් ආසන්නතම ඛනිජ තෙල් සංස්ථා පිරවුම්හල වෙත යන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.