මහරගම නගර සභාවේ උණුසුම් තත්ත්වයක් - පක්ෂ මන්ත්‍රීවරුන් රැසකගේ ගුටි කෙළියෙන් මාලිමාවේ මන්ත්‍රීවරයෙක් රෝහලේ
ජාතික ජන බලවේගයට බලය හිමි මහරගම නගර සභාවේ අද (06) දින පැවති මාසික සභා වාරය අතරතුරදී විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකුට සභා ගර්භය තුළදී පහර දීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙසේ පහර කෑමට ලක්වී ඇත්තේ ජාතික ජන බලවේගයේ ලාල් බංගමුවගේ නම් මන්ත්‍රීවරයා බව සඳහන්.
එසේම මෙම පහරදීම සජබ, සර්වජන හා ස්වාධීන පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සිදුකර ඇති බව වාර්තා වේ.
මේ අතර පහර කෑමට ලක් වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මහරගම පොලිසිය විසින් සිදු කිරීමට නියමිත බව සඳහන්.
අනවශ්‍ය ආකාරයට කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින්න - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි