IMF උපදෙස් අනුව ඉන්ධන මිල වෙනස් වෙයිද? - ඇමති නලින්ද ආණ්ඩුවේ ස්ථාවරය හෙළිකරයි

Report

 මැදපෙරදිග ගැටුම් හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගැලපීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලබාදී ඇති උපදෙස් පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (06) අදහස් පළ කළේය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිරිවැයට ගැළපෙන ලෙස මිල සංශෝධනය කිරීමට උපදෙස් ලබාදී තිබුණද, ජනතාව මත සමස්ත පිරිවැය පැටවීමකින් තොරව සහන ලබාදීමට රජය කටයුතු කර ඇති බවයි.

විදුලිය, ජලය සහ ඉන්ධන වැනි සේවාවන් සැපයීමේදී පිරිවැයට ගැළපෙන මිල ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර සිටම උපදෙස් ලබාදී ඇති බවද ඔහු සඳහන් කළේය.

''නව ලිබරල්වාදයේ දිගුවක් මිස, සමාජ සාධාරණත්වය ඉෂ්ට කරන්නේ නැහැ” - සජිත්ගෙන් දාර්ශනික විවේචනයක්

''නව ලිබරල්වාදයේ දිගුවක් මිස, සමාජ සාධාරණත්වය ඉෂ්ට කරන්නේ නැහැ” - සජිත්ගෙන් දාර්ශනික විවේචනයක්

කෙසේ වෙතත්, එම උපදෙස් ක්‍රියාත්මක කිරීමේදී සමස්ත පිරිවැයම ජනතාව මත පැටවීම වෙනුවට සැලකිය යුතු සහන ප්‍රමාණයක් ලබාදීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව, මීට පෙර ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක සහනයක් ලබාදුන් අතර, මේ වන විට ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනයක් ලබාදී ඇති බව ඔහු ප්‍රකාශ කළේය. එමෙන්ම, පෙර අවස්ථාවේදී පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20ක සහනයක් ලබාදුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල උච්චාවචනය වන ආකාරය අනුව ඉදිරි තීරණ ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිරිවැයට ගැළපෙන මිල ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස උපදෙස් ලබාදී තිබියදීත්, ජනතාවට සහන ලබාදීමට රජය කටයුතු කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. 

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සම්බන්ධ බව කියන ඉඩමකටත් අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සම්බන්ධ බව කියන ඉඩමකටත් අධිකරණයෙන් නියෝගයක්