ශ්‍රී ලංකාවට සුබ ආරංචියක් - මේ වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 17 ඉක්මවයි

Report

2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.7 ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්තවලට අනුව, ජනවාරි 1 වැනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 1,717,028කි.

මේ අතර, ඔක්තෝබර් 1 වැනිදා සිට 4 වැනිදා දක්වා දින හතරක කාලය තුළ සංචාරකයින් 23,349 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කරයි.

වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.

එම සංඛ්‍යාව 447,476කි. එක්සත් රාජධානියෙන් සංචාරකයින් 161,886 දෙනෙකුද, චීනයෙන් 114,678 දෙනෙකුද, ජර්මනියෙන් 98,262 දෙනෙකුද මෙරටට පැමිණ තිබේ.

ඔක්තෝබර් මාසයේ මුල් දින හතර තුළද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙස ඉන්දියාව සඳහන් වන අතර, එම කාලසීමාව සඳහා ඉන්දීය සංචාරකයින් 23,349 දෙනෙකු පැමිණි බව වාර්තාවේ දැක්වේ.

IMF උපදෙස් අනුව ඉන්ධන මිල වෙනස් වෙයිද? - ඇමති නලින්ද ආණ්ඩුවේ ස්ථාවරය හෙළිකරයි

IMF උපදෙස් අනුව ඉන්ධන මිල වෙනස් වෙයිද? - ඇමති නලින්ද ආණ්ඩුවේ ස්ථාවරය හෙළිකරයි

''ශ්‍රී ලංකා ක්‍රිකට්වල අලුත් පෙරළියකට පාර කැපෙයි'' - ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

''ශ්‍රී ලංකා ක්‍රිකට්වල අලුත් පෙරළියකට පාර කැපෙයි'' - ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට